පුරුෂයා, ගෘහ මූලිකයා, පුරුෂාධිපත්‍ය සැබැවින්ම මේ කුමක්ද? ස්තී‍්‍රත්වය හෙවත් ස්තී‍්‍ර සැබැවින්ම කවුරුන්ද? ඉතා සුළු ඉඩකදි වුවද සැළෙන හදවතක් ඇති, සියුම්, බොලඳ, මෘදු වස්තුවක් ලෙස සලකන ඇය හුදෙක් පිරිමින්ගේ ජීවන තෘප්තිය වෙනුවෙන් තම සේවා සපයන සේවිකාවන්ද? එසේත් නැත්නම් දර්ශනයෙන් සිත දුෂණවන, ස්පර්ෂයෙන් ධනය විනාශවන, සයනයෙන් මරණය හිමිවන කාන්තාව ඇත්ත වශයෙන්ම රකුසියක්ද? ස්ති‍්‍රය හා පුරුෂයා එකිනෙකට සමාන්තරව පිහිටා ඇත්තක් වුවුද මෙහි දිශානතීන් සංස්කෘතිය හා සදාචාරය විසින් උඩු යටිකුරු කොට ඇත.
දේශපාන වේදිකාවේ කාන්තාවන්ට 25%ක නියෝජනයක් අවශ්‍යව ඇත. විවිධ කාන්තා සංවිධාන මේ වෙනුවෙන් හඩ නැගීම සිදුවෙමින් පවති. කාන්තා සංවිධානයක් වන Mothers
and Doughters of Lanka සංවිධානය දේශපාලනයේ කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර ඇත. ”කාන්තාව දේශපාලනයට ඇලජික්ද?”,”දේශපාලනය කාන්තාවට ඇලජික්ද?” යනුවෙන් නිදහස උදෙසා කාන්තාවන්ගේ සැමරුම් සංවිධානය තම පෝස්ටර් හි දක්වා ඇත.
සැබැවින්ම මේ කුමක්ද? සිදුවිය යුත්තේ කුමක්ද? මේ ඇය හා ඔහු , ඇය හා ඔහු දකින ආකාරය ඇය හා ඔහු ගේ ඇසින්. අසිමාන්තික සිතිවිලි වාරණය නොකට සිතිවිල්ලෙන් සිතිවිල්ල පිරික්සන දෙ ඇසයි.
ඇය
සුරක්ෂිත නොවූ ලෝකයක් තුළ බිය සැක මැද දිවි ගෙවිමට විම යනු කුමක්ද? එදා කාන්තාව නිවසින් පිට නොයයි. පියා, සැමියා, වැඩිමහල් පුතු ඇය ගේ රැුකවරණය විය. සැමියා ගෙනැවිත් දෙන දෙයක් ආහාරයට ගනිමින් ඔහුගෙන් යැපෙන ඇය අද පවුල තුළ පමණක් නොව ආර්ථිකයේද සුවිශේෂී වූ කොටසකි. විදේශගතව සිටින බහුතරය කාන්තාවන්ය. රටේ ආර්ථිකයට ඔවුන්ගෙන් වන මෙහෙයට ඇගයුම් නැත. සංස්කෘතිය සමාජ ක‍්‍රමයේ යම් හැඩයක් නිර්මාණය කර ඇත. නමුත් එය ජීවන ක‍්‍රමයන්ට, නිසි තැන නිසි ගෞරවය ලබා දීමට බධාවක් නොවිය යුතුයි.
ස්තී‍්‍ර දුෂණ, ළමා අපචාර දිනෙන් දින වැඩි වී ඇත. වාර්තාවන ¥ෂණ අපචාර අතර වාර්ථා නොවන සිදුවීම් අනන්තවත් ඇත. විටෙක ඒවා පවුල වෙනුවෙන් හෝ අපචාරයට ලක් වු ඇය වෙනුවෙන් වාරණය කර ඇත. විටෙක එහි වරදක්ද නැත. ඒ ආකර්ෂණිය වාර්තාකරණයක් තුළින් ඇයට හිමිවන කිසිවක් නොමැති බැවිනි. අද පුවත් නිර්මාණය වන්නේද කාන්තාවගේ සිරුර අලෙවි කරමින්ය. මියගොස් ඇති සියලූ දැරියන් සුදුය. ආකර්ෂණීයයය. විටෙක අධ්‍යාපන මට්ටමින්ද සෙසු දරුවන් හා සසදන කළ ඉහළින් සිටි. ශිර්ෂ පාඨ වලින් කියවෙන ඇය පිළිබඳ පොදු නිර්වචනයක් අප මනසෙහි ඇත. මේ කුමක්ද? පුවත් මැවීම හා පුවතෙහි වටිනාකම උදෙසා සිදුකරුනු ලබනදේ පමණක්මද? අද රූපවාහිනිය තුළ සියළු බඩු විකුනණු ලබන්නේ ඇයයි, නිවසෙහි රැුකිය යුතු වස්තුවක් ලෙස සලකන ඇය මුදල වෙනුවෙන් සිය ශ‍්‍රමය, රූපය හා චරිතය විකුණන තුරු පිරිමින් මුනිවත රකියි.
ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණ වන ස්තී‍්‍රය ලෝකයේ වැඩ පැය වලින් තුනෙන් දෙකක් නිම කරණු ලබයි. අප රටේ සාම්ප‍්‍රදායික ගැමි ස්තී‍්‍රන්ගෙන් 70%කටත් වඩා වන ගැමි ස්තී‍්‍රන් ආහාර නිශ්පාදන කි‍්‍රයාවලියේ තිරණාත්මක කාරයභාරයක් ඉටු කරනු ලැබූ බව පැවසුවත් ඔවුන් මේ සදහා වැය කරන ශ‍්‍රමයට සාධාරණත්වයක් ඉටු වි නැත.
වෘත්තීය තුළ පිරිමින්ගේ අතවරවලට ගොදුරු වීම්, වෙහෙසකර බව, පීඩාකාරි බව, නිදහස රහිත බව, ආත්ම ගරුත්වයට හානි සිදුවීම්, ඇනුම් බැනුම් ඉවසන ඇය ලැබෙන වැටුපෙහි සාධාරණ අසාධාරණත්වයන් සෙවිමට නොයයි.
ප‍්‍රඥප්ති ප‍්‍රකාශන සේම නීති රීති රෙගුලාසි මොනවා තිබුණත් නාගරික හා ග‍්‍රමීය දෙපැත්තෙන්ම දිනෙන් දින බාල්දුවිමත් ඒ හා සමගම සූරාකෑම් සිදුවන ආකාරයත් දැකිය හැකිය.
කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිමට කාන්තාවන් අවශ්‍යව ඇත. ලෝක පැවැත්මට ඇගේ මාතෘත්වය අවශ්‍යව ඇත. වෘර්ත්තිය තුළ ඇගේ මාතෘත්වය විසින් ඇය පසෙකට තල්ලූ කර ඇත. ගැබ් ගැනිම්, ප‍්‍රසූත නිවාඩු හා කිරි පැය වෘත්තිය බාධා සේ සලකයි. දිගින් දිගට හිංසනයට පත්වන ඇය වෙනුවෙන් පෙනී සිටියහැකි පිරිසක් අවශ්‍යව ඇත. පාර්ලිමේනිතුවෙහි ඇයට බලයක් අවශ්‍යව ඇත. එයට ස්තී‍්‍රත්වය බාධාවක් නොවිය යුතුය.
අනූෂා රාජපක්ෂ
No comments:
Post a Comment