ළග එන අලූත් අවුරුද්දට රටක් සූදානම් වන
මොහොතක්. පරිසරය ඒ
වෙනුවෙන් හුදෙකලාව සැරසෙයි. අපේ අහරට නිසි
තැනක්, උරුම රසක්
සොයා යන ඔහු අද රටක් හදුනයි. ඒ ඔහු ඔහුව
සොයා සංක‍්‍රමණය වූ නිසා. ඔහු අතීතය
නොසගවයි. සැබැවින්ම ඔහු
දුක දිනා ජය ගත්තෙකි. අහර පුරාණය
සොයා යන්නන්ට පබිලිස් සිල්වා මුණ ගැසෙයි. දිනක ඔහු රන් අකුරින් ලිය වෙයි. උරුමයන් ගැන මහ ඉහළින්
කතා කරන අපේ අහර සංස්කෘය කෙබදදුද? අවුරුද්දේ කෑම මේසය හැඩ කරන, රසකරන ඔබ මේ ගැනත් සිතන්න. මේ පබිලිස් සිල්වා
මහතා සමග කළ සංවාද සටහනයි.
ඇත්තටම අද අවුරුදු නැද්ද?
අද බොහෝ වැඩිහිටියන්ගේ ප‍්‍රකාශයක් තමයි අද
අවුරුදු නෑ අපේ කාලේ තමයි අවුරුදු තිබුනේ අද අවුරුදු නෑ කියන මතය. මම මේ මතයට විරුද්ධයි.
ලෝකයේ සෑම දෙයක්ම සෑම
මොහොතකම වෙනස් වෙනවා. වෙනස් නොවීම
තුළ පැවැත්මක් නැහැ. මමත් සෑම
මොහොතනම වෙනස් වෙන කෙනෙක්. හැම දෙයක්ම
එකම මොහොතක සිදුකරන මෙවැනි උත්සවයක් ලෝකයේ කොහේවත් නැහැ. ලෝකය වෙනස් වෙලා. අපේ දරුවෝ රන් කහවනු සොයාගෙන සංක‍්‍රමණය වන
අතරේ අපේ ගමේ දරුවොත් සල්ලි හම්බ කිරිමේ චේතනාවෙන් නගරබද විවිධ රැකියාවන් වෙත යොමු
වෙනවා. මේ මත සෑම
සංස්කෘතියකම යම් වෙනසක් යම් පිරිහිමක් ඇතිවෙලා. ඒ තුළ ලෝකේ හොද නරක මේ රටට ගලාගෙන ඒමට පටන්
ගත්තා. ඒ තුළ චාරිත‍්‍ර
වාරිත‍්‍ර ඇවතුම් පැවතුම් සියල්ල වෙනස් වුණා.
අද අලූත් අවුරුද්ද කියන්නේ සැණකෙළියක්. ඒ සැණකෙළිය තුළ මනුෂ්‍යත්වය තියෙනවාද?
ඇත්තටමඑ දා මනුෂ්‍යත්වය තිබුණා. එදා තරගකාරීත්වයත්
තිබුණා. නමුත් ඒ
තරගකාරීත්වය පසුපස තිබුණේ විනෝදය. අද වගේ එකෙකු පරයා නැගී සිටීමේ කැපී පෙනීමේ ආශාව නෙමෙයි.
මේ සැණකෙළියට මත් ද්‍රව්‍ය
අත්‍යවශ්‍ය අංගයක් වෙලා. අපේ ගම් පළාත්
වලත් රා අරක්කු තිබුණා. නමුත් ඒ
කිසිවකට මම නතු වුණේ නෑ. ඒ දේවල් වලට
යොමු වුණා නම් මට මේ තත්ත්වයට එන්නත් බෑ. සෑබෑව සොයා ගත යුතුයි.
අපේ රටේ ආහාර සංස්කෘතියක් තියෙනවාද?
ඒ ප‍්‍රශ්නය පෙරළා අපි අපෙන්ම අසා ගත
යුත්තක්. ඇත්තටම අද අහර
සංස්කෘතියක් තියෙනවාද? අද ඔනෑම
උත්සවයක බටු මෝජුව, සිංහල
අච්චාරුව, බෝංචි ව්‍යංජනය,
අල බැදුම, මස් හෝ මාළු වලට සීමා
වෙලා තියෙනවා. ඇත්තටම අපේ
අහර සංස්කෘතියක් තිබුණා. නමුත් අද නෑ.
එදා රසට ගුණට කැවිලි
හදපු බවලත් උදවිය අද නිවසේ නෑ. ඔවුන්ද සල්ලි
සෙවීමේ රාජකාරීයේ නිරතවෙලා.
ලෝකේ ඉතාමත් උසස් අහර සංස්කෘතියක් තිබුණ
රටක් අපේ රටxනමුත් ඒ ආහාර
කිසිම ප‍්‍රමිතියකින් තොරව හදන එකම රටත් අපේ රටම තමයි.
මේ අලුත් අවුරුද්දේ අලූත් අවුරුදු කෑම මේසයට
අලූතින් යමක් එකතු කරනවාද?
අනිවාර්යෙන්ම. මේ සූපය මම 1956 දී ගල්කිස්ස මහ හෝටලයටඅගුරු අදින්න පැමිණි
මුල් අවදියේ මේ සූපයේ නිරත පුද්ගලයින්ට කීවේ ”බාසුන්නැහේ” කියලා. කවුරුත් ගණන් ගත්තෙත්
නෑ. නමුත් අද ඒ
තත්ත්වය වෙනස් වෙලා. සෑම මාධ්‍යයකින්ම
මේ සූපයට ඉඩක් වෙන් වෙලා තියෙනවාx ඒ තරමටම දැන් මෙය ප‍්‍රසිද්ධයි.
අද බෝ නොවන රෝග 53%ට වැඩි වෙලා තියෙනවා. ඒවට හේතු තම නිශ්චිතව
සොයාගෙන නෑ. සූපවේදියෙක්
හැටියට මට දැක්මක් තියෙනවා. ඒකට ප‍්‍රධාන හේතුව
තමයි ආහාර වරද්දාගැනීම. අද ආහාරවලත්
ආහාර රටාවෙත් ලොකු වැරැද්දක් තියෙනවා.
මෙහිදී අහර
විතරක්ම නෙමෙයි, මේ අහර වල
නියැලී සිටින අයගේ යම් ද්වේශ සහගත සිතුවිලි හා යහපත් සිතුවිලි මේ අහරට මුසු වෙනවා.
අද මාධ්‍යයෙන් මවන අහර
සංස්කෘතිය අනාගත පරපුරම ලෙඩ කරවන මායාවක්. සිතුවිලි වෙනස් කර ගත යුතුයි. මෙවර අලූත් අවුරුද්දට
අතීත අහර වට්ටෝරු වලට ඉඩක් දීම වැදගත්. කෘතී‍්‍රම රසකාරක වෙනුවට එහි ඇති ඖෂධීය ගුණයන් ශරීරයට
එක් කර ගත යුතුයි. ඒ අහර හරිම ප‍්‍රණීතයි.
අතීතයේ මී වද කැවුම්
තිබිලා තියෙනවා. හරිම ප‍්‍රණීත
කැවිල්ලක්. නිරෝගිමත් ජීවිතයට්
උරුම නම් හැමදාම අවුරුදු තමයි.
"හත් මාළුව" අලූත් අවුරුදු කෑම
මේසයට විශේෂයි. මේ ගැන ඔබ
මොකද හිතන්නේ?
"හත් මාළුව" ලංකාවේ හැම පළාතකම
හදන්නේ නෑ. මම දකුණේ.
දකුණේ ”හත් මාළුව”
කියන්නේ යක්ෂයින්ය පේ‍්‍රතයින්ට දෙන පිදේනියට. ගොඩදිය මස්, හත් මාළුව,මල් පස් වගයක්. නමුත් සීනා කොරලය පැත්තේ අනිවාර්යෙන්ම ”හත්
මාළුව” උයනවා. මේක හුගක් හොද
දෙයක්. නමුත් ලංකාවට
විතරක් ආවේණික දෙයක් නෙමෙයි. ඉන්දියාවේ
තියෙනවා ”නව රත්න කරිය”. එහි වර්ග
නවයක් තියෙනවා. මේ ”හත්
මාළුව”හි ගුණ හතක්, රස හතක් ඒ වගේ
වර්ණ හතක් තියෙන්න ඕන. ඇහින් බලලා ඒ වර්ග හත
හදුනාගත හැකි විය යුතුයි. නමුත් අද හත්
මාළුවේ වර්ග වෙන් කර ගන්න බෑ. රසය ගුණ වර්ණ
මේ සියල්ල නොනැසෙන්න මේ අහර පිළියෙල කළ යුතුයි.
හත් මළුව වගේම තමයි ආනම. ඒක ම්ශ‍්‍ර එළවළු හෝ
මිශ‍්‍ර මස් ව්‍යංජනයක්. ”තේරුම්
මාළුවත් ” අපේ රටට අවේණික ව්‍යංජනයක්. මනමාළිය කැන්දාගෙන ඒමට ”තේරුම් මාළුව” තේරිය යුතුයි.
මන්ද මනමාළයාට
මනමාළියගේ ගමේ ගහ කොළ ගැන හොද අවබෝධයක් තිබිය යුතුයි. පුහුල් ව්‍යංජනයත් අවුරුද්දට උත්සවයන්ට
නොවරදින ආහාරයක්.
අවුරුද්ද ගැන ඔබේ මතකය කොහොමද?
මම රත්ගම. ගාල්ලට නුදුරිනුයි අපේ ගම පිහිටලා තියෙන්නේ.
අවුරුදු කාලෙට මුළු
ගමම හරිම ප‍්‍රබෝධමත්. ගමේ හිටිය ටික
දෙනා ගම ඇතුලෙම තමයි හිටියේ. නමුත් අද ඒ
තත්ත්වය වෙනස්. සෑම පළාතකම
සංක‍්‍රමණය විම් පදිංචි වීම් මත මේ තත්ත්වය වෙනස් වෙලා ඇති. මගේ ජීවිත කාලය
ගත්තොත් මට අවුරුදු 08 ක් වෙනකල් මම
අවුරුදු සැමරුවා. නමුත් අපේ
දුප්පත්කම, අපේ දුක්,
අවශ්‍යතා මේ සියල්ල මත
මට අවුරුදු අහිමි වුණා. මම ගල්කිස්ස
මහ හෝටලයට ඇවිත් අවුරුදු 59ක් වෙනවා.
අද වෙනකම්ම මම
අවුරුද්දක් භුක්ති විදලා නෑ.
ඔබ ඇයි අද අවුරුදු සමරන්නේ නැත්තේ?
එදා මම ජීවත් වුණේ මගේ පවුල රකින්නයි ඉන්න
ස්ථාන හදන්නයි. නමුත් අද මම
ජීවත් වෙන්නේ මේ රටට හොද අහර සංස්කෘතියක් දායාද කරන්න. පරිණාමය වුණානම්, පරිණාමය වෙන්න ඉස්සර මිනිසා අමුවෙන් අහර
ගත්තානම් ඇයි මේ අහර උයන්න පටන් ගත්තේ. මොකක්ද හේතුව. ඒවා තැම්ඹුවා, පිච්චුවා. අද රසකාරක දානවා. මොකක්ද හේතුව, ඉස්සර ඒ වෙනුවට දැම්මේ මොනවාද? සෙවීමට බොහෝ දේ තියෙනවා.
ඒ ගමනේ දැන් ඔබ කෙතරම් දුරක් ගොස් තිබෙනවාද?
2016 වෙන්න පෙර මම මගේ අදහස එළි දක්වනවා.
වැඩි ඈතක නෙමෙයි.
අන්න ඊට පස්සේ මගේ
ජීවිතේ වෙනස් වෙයි.
ඊට පස්සේ ඔබටත් අවුරුදු තියේද?
අනිවාර්යෙන්ම. ඊට පස්සේ අවුරුදු විතරක් නෙමෙයි මම
බලාපොරොත්තු වෙනවා ලෝකේ ටිකක් දකින්න.
ඔබ බලාපොරොත්තු වන වෙනස කුමක්ද?
අපේ දරුවෝ අද උයන්නේ නෑ. ඒකෙන් ඈත් වෙලා. ගෘහ විද්‍යාව
විෂය සවිමත් කළ යුතුයි. කේක් එකයි,
අයිසින් එකයි, සැනිවිච් එකයි නෙමෙයි
ගෘහ විද්‍යාව කියන්නේ. ලෙඩක් දුකක්
නැතිව ඉන්න, හොද නරක තොරා
ගෙන රසට උයන්න දරුවන්ට උගන්වන්න ඕන.
අත්දැකීම් තුළින්
ජීවිතය සොයන්න උගත් මිනිසා, අද තවත්
සෙවිමක නිරතව සිටී. ඔබ ඔබ කතා කරන
උරුමය තුළ සැගව ගත් අහර සංස්කෘතියක වරුණ ඔහු ඔබට නුදුරු දිනක පසක් කරාවි. එදිනට යටගියාවේ රසය
අවුරුදු කෑම මේසයටත් මුසු වේවි.
No comments:
Post a Comment