Monday, June 15, 2015

දයා අල්විස් මහතා දිවියෙන් සමු ගනියි.




ප‍්‍රවීණ රංගන ශිල්පි දයා අල්විස් මහතා 2015 අපේ‍්‍රල් මස 27 වන දින උදැසන ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය. ඒ මහතා පසුගියදා පිළියන්දල දි සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා එම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය. තී‍්‍ර රෝද රථයක ගැටිමෙන් අනතුරට ලක් වූ ඒ මහතාගේ ශබ්ර අභ්‍යන්තරයට විශාල හානි සිදු විය. මිය යන විට 72වන වියේ පසු විය.

1944දි උපන් දයා අල්විස් මහතා කළුතර විද්‍යාලයේ අධ්‍යාපනය  හැදැරූ අතර ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹීය. මහාවාර්ය එදිරිවිර සරච්චන්ද්‍ර සූරින්ගේ "පේ‍්‍රමතී ජායතී සෝකෝ" වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතය ඇරඹු ඔහු හෙන්රි ජයසේනගේ "මකරා" නාට්‍යයේද, ධර්මසිරි බණ්ඩාර මහතාගේ "ධවල භීෂණ" හා "මකරාක්ෂ" යන වේදිකා නාට්‍යයන්ගේද, සෙනෙහෙබර ඩොලී, ගුණසේන ගලප්පත්තිගේ මුහුදු පුත්තු, මෝදර මෝල වැනි වේදිකා නාට්‍යයන්හීද, සෝමලතා සුබසිංහගේ විකෘර්ති වැනි වේදිකා නාට්‍යයන්ගේද රංගනයෙන් දායක විය.

බෝඩිම,නිවටයා, අහසින් පොළවට, පබා, වසූදා වැනි ටෙලි නාට්‍ය මගින් පේ‍්‍රක්ෂක ආකර්ශනය දිනා ගත් ඔහු සිනමා ක්ෂේත‍්‍රයටද පිවිසි ය. දයා අල්විස් මහතා විරාගය, වෝටර්, මදර් තෙරේසා, මහගෙදර, නිකිණි වැස්ස වැනි සිනමා නිර්මාණයන්හි රංගනයෙන් දායක විය. රංගනයෙන් මෙන්ම තිර රචනයෙන්ද කලාවට සම්බන්ධ වූ දයා අල්විස් මහතා "ලා හිරු දහසක්" ටෙලිනාට්‍යයේ තිර පිටපත රචනා කළේය. අමතක වන බොහෝ දෑ අතර ඔහු මතකයක් ඉතිරි කර ඇත. ඒ ඔහු රංගනයෙන් අප සිත් තුළ ඇති වූ මතකයය.

No comments:

Post a Comment