Monday, July 13, 2015

මේ මගේ ගෙවත්තේ කටුවැල් බටු





කටුවැල් බටු වගාව අපහසු නෑ. මේ මගේ ගෙවත්තේ වගාව. වෙළදපල තුළ අද කටුවැල් බටු මිල ඉතා ඉහළය. ඒ නිසා කටුවැල් බටු වගාවත් නරකම නෑ.

ගෙවතු වගාවක් ලෙස වතු කෙළවර කටුවැල් බටු වගා කිරීම හොද ආදායම් මාර්ගයක් වනු ඇතපුරාණයේ දී හේන්වල ස්වභාවිකව ව්‍යාප්ත වූ වියලි කලාපයේ පහසුවෙන් වගා කළ හැකි ශාකයකි. ඉන්දියාවේ කාන්තාර ආශි‍්‍රතව පරිසරවල ස්වභාවිකව පැතිරී ඇති අතර ශාක ඖෂධයක් ලෙසද වගා කරයි. කටුවැල් බටු එහි නමට උචිත ලෙසින් තියුණු කටුවලින් යුක්ත පොළොව බදා ව්‍යාප්ත වන අලින් පවා පෑගීමට බිය ශාකයකි. අප රට තුළ වැඩිම ඉල්ලුමක් හා අවශ්‍යතාවයක් ඇති ඖෂධයක් ලෙස කටුවැල්බටු හැඳීන්විය හැක. දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ හා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුළත් ලෙඩ සුව කිරීමට නැතිවම බැරි ඖෂධයකි. අප රට තුළ කොතරම් පරිභෝජනය සඳහා ගන්නවාද කිවහොත් ආයුර්වේද ඖෂධීය අමුද්‍රව්‍ය අතර පිටරටින් වැඩියෙන්ම ආනයනය කරන ඖෂධය කටුවැල්බටුයි. මේ ශාකයේ උද්භිද විද්‍යා නාමය වූයේ Cyperus Rotundus යනුවෙනි. කුලය වූයේ කණ්ඨකාරි ය.

කැස්ස සෙම්ප‍්‍රතිශ්‍යාව සඳහා බහුල ලෙස මුලු ශාකයම භාවිතා කරයි.ඇලෙන සුළු තියුණු කටු සහිත බිම දිගේ ඇදි ඇදී වැඩෙන කුඩා පඳුරකි. බටු ගසට සමානය. අතු පොළොවට සමාන්තරව වැඩේ. පත‍්‍ර ගැඹුරට ගිලුණු කොටස් වලට කැඩී ඇත. පත‍්‍ර නටුවේ හා නාරටියේ දිග කටු ඇත. කෝණාකාරව විහිදුනු දම් පැහැ පෙති ඇති මලෙහි මැද එකට ගොනු වූ කහ පාට රේණු කැපී පෙනේ. පොකුරක මල් කීපයකි. මල් හට ගැනීම වසර පුරාම සිදුවේ.ශී‍්‍ර ලංකාව, ඉන්දියාව හා බුරුමය කටුවැල් බටු ශාකයේ නිජබිම ලෙස සලකනු ලබන අතර මේවා වැවීමට වියළි දේශගුණය බෙහෙවින්ම බලපායි. අතීතයේ දී ශී‍්‍ර ලංකාවේ පහත රට වියළි ප‍්‍රදේශවල හේන් වගාවක් ලෙස තිබී ඇත. සමහර ප‍්‍රදේශවල ස්වභාවිකව දක්නට ලැබේ. ශී‍්‍ර ලංකාවේ පහත රට වියළි කලාපයේ නිසරු මුඩු බිම්වල සරුවට වැඩේ.බීජ මගින් පහසුවෙන් බෝ කර ගැනීමේ හැකියාව ඇත.


 කහ පැහැයට හැරුණු හොඳින් මේරූ කටුවැල් බටු ගෙඩි වලින් වෙන් කරගන්නා බීජ හොඳින් සෝදා මඳ පවනේ වියළා ගත යුතුය. කල්තබා ගැනීමට අවශ්‍ය නම් ගෙඩිවලින් බීජ වෙන්කර ගබඩා කරගත යුතුය.

කෘමි පාලනයකොළ හකුලන දළඹුවන් මයිටාවන්, කූඩිත්තන් හා පත‍්‍ර කනින්නන් වැනි කෘමීන් ගේ හානි ඇති අවස්ථාවල කොහොඹ ඇට තලා සකස් කරන ස්වභාවික කෘමිනාශක යෙදිය හැකිය.රෝග රාශියකට දිව ඔසුවක් වැනි කටුවැල් බටුවලින් සම්පාදිත ඖෂධ අතර දෙනිබ දෙබටු ක්වාථ, කණ්ඨ කාර්යාව ලේහය, ව්‍යාඝී‍්‍ර හරිතකී, පංච තික්ත ඍතය, දශ මූලාරිෂ්ටය ප‍්‍රධාන වේ. දේශීය ඖෂධ සෑදීමට ගනු ලබන ඔසුව මෙරට තුළම වගා කිරීමෙන් විදේශ විනිමය ඉතිරිවීමත් නව රැකියා උත්පාදනයත් සිදුවේ.


පණු රෝග හා මුත‍්‍රා රෝග සඳහාම යෝග්‍ය වේ. දත් කැක්කුම සඳහා කටුවැල්බටු ඇට කබලේ බැද කුඩු කර භාවිතා කෙරේ. උඳුගොව්වා කෑමට කටුවැල්බටු ඇට අඹරා ගෑම අත් බෙහෙත් ලෙස සිදු කෙරේ. මුත‍්‍රා යෑම අඩු වූ විට කටුවැල්බටු තම්බා බීමෙන් සාර්ථක වේ. වෙළදපල මිල කිලෝ එකක් රුපියල් 500ක් පමන වේ. මේ හේතුව නිසාම මෙම ශාකය ලංකාව තුළ වගාකිරිම වඩා වර්ධනය කළයුතුයි. රටේ අවශ්‍යතාවය සම්පුර්ණ කර ගැනීම උදෙසාත් දේශීය අදායම වැඩි කර ගැනීම සඳහාත් කටුවැල්බටු වගා කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදීම කාලෝචිත වේ.

No comments:

Post a Comment