Friday, July 3, 2015

සැබැවින්ම ඇය කවුද?

 
 
                                        ආර්ථික, සමාජීය, සංස්කෘත හා දේශපාලනික යන ක්ෂේත‍්‍රයන් තුළ ස්තී‍්‍රන් හා පුරුෂයන් රග දැක්විය යුතු භූමිකා වෘත්තීන්, වගකීම්, අපේක්ෂා, හැසිරීම් රටාව, හා සාරධර්ම ඇදුම් පැළදුම් ආදිය ගැන සමාජය විසින් නිර්මිතයන් සකසා ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ඇතැම් විට මෙම තත්ත්වයන් සම්ප‍්‍රදායන් සේ පැවත එයි.
 
                                   සමජ නිර්මිතයන් තවමත් කි‍්‍රයාත්මකද? සැබැවින්ම ඇය කවුද? ඇය හා ඔහු ගේ වෙනස කොතැනද?
 
 
 
                                 බොහෝ විට දක්නට ලැබෙන ඒකාකෘත වන්නේ යටහත් පහත් කීකරු භාර්යාවන්, ප‍්‍රචණ්ඩ ස්වාමි පුරුෂයන්, වංක හෝ ඕපාදුප කතා කරන කාන්තාවන්, පිරිමි ගෘහ මුලිකයන් හා පවුලට බත සපයන්නන් ආදියයි. පවුලේ අයට කන්න දෙන්න බැරි පිරිමියා ”කොන්ද පන නැති පිරිමියා”, ලෙස වර්ගිකරණය වීම පිරිමියාට වන අසාධාරණයකි. ගැහැනිය සිනාසිය යුත්තේ කෙසේ ද යන්න සාහිත්‍යයේ පෙන්වා දී ඇත්තේ ”සිනා නොමසන් දසන් දක්වා” යනුවෙනි. කෙනෙක් අදින පළදින දේ කාලය, ආගම, සංස්කෘතිය අනුව වෙනස් වේ. ඒ අනුව ස්තී‍්‍ර පුරුෂ ඒකාකෘතින් සමාජයෙන් සමාජයට, ස්ථානය හා පරිසරය අනුව වෙනස් වේ. සාහිත්‍ය ජනශ‍්‍රැතිය හා ඉතිහාස කතා තුල මෙවැනි ඒකාකෘතින් බහුලව දැකිය හැකිය. කාන්තාවන්ගේ හැසිරිම සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ඉදිරිපත් වී ඇත.
බාල්‍යෙ පීතුර් වංශේ තිෂ්ඨෙත්
ප‍්‍රාණි ග‍්‍රහස්‍ය යෞවනේ
පුත‍්‍රාණං භාර්තරි පේ‍්‍රතේ
න භජේත් ස්තී‍්‍ර ස්වත‍්‍රාන්ත තාම්”
 
                         බාල කාලයේ පියා යටතේ ත් තරුණ කාලයේ සැමියා යටතේ ත් වයසට ගිය පසු වැඩි මහල් පුතුන් යටතේ ත් රැකිය යුතු විය.
 
”කාන්තාවන්ගේ නුවණ හැදි මිටේ ලූ”යනුවෙන් දක්වා ඇත.
                  විවාහය හා පතිවත සම්බන්ධයෙන් විවිධ ඒකාකෘතීන් පවති.
 
”හිමි ගමනක් ගොසින් - ගෙට ආ කළට සතොසින්
නො ඇණවා දාසින් ‐ නුඹ ම පය සෝදවන් වෙසෙසින්”
                                                ඇය සැමියාගේ පා සේදිය යුතු බවත්,
 
”පැමිණෙන කල යහන - සුදු තුනු සිහිල් සළුවෙන
ගිව් කන් අබරණින ‐ මලින් සුවදින් සැදෙව් රිසිවෙන”
                                       ලිංගික සංසර්ගයට කාන්තාවන් පිරිසුදු වී ලස්සනට සිට සැමියාගේ සිත් පිනවිය යුතු බව දක්වා ඇත. එමෙන්ම,
 
”ආලය කළ මුත් පන සේ ‐ ස්ති‍්‍ර ජාතිය නෑ විශ්වාසේ”,
ගැහැණු විශ්වාස නොකළ යුතු මායම් කාරියක් බව දක්වා ඇත.
 
                            පවතින  සමාජිය, ආර්ථික, දේශපාලන, අධ්‍යාපන, සංස්කෘතික හා සාරධර්ම ලෙස බෙදා වෙන් කළ හැකිය. ස්තී‍්‍ර පුරුෂභාවය හා ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය එකිනෙකට සමාන වුවද අර්ථ විග‍්‍රහය තුළ වෙනස්කම් පවතින යෙදුම් දෙකකි. ස්තී‍්‍ර පුරුෂභාවය ජීව විද්‍යාත්මක සාධකයක් වන අතර උපත අනුව එය තීරණය වේ. මෙය පොදු ධර්මතාවයකි. ස්තී‍්‍ර පුරුෂ භාවය තුළින් ගැහැනුන් හා පිරිමින් තුළ ඇති ලිංගික වෙනස්කම් සැළකිල්ලට ගනු ලබයි. ස්තී‍්‍රය හා පුරුෂයා ඔවුනොවුන් ට ආවේණික ලක්ෂණ අනුව බෙදා දක්වා ඇත.
 
                        පුරුෂ,   සමාජ සත්වයෙක්, ශක්තිමත්, ලිංගික ප‍්‍රහාරකයා, තාර්කිකයි, විශ්ලේෂණකාරී, ඒකීයවාදී, අධික කෝපය, ආවේගකාරීත්වය, පහසුවෙන් සසල නොවේ නායකයා, ප‍්‍රධානියා පවුල් සත්වයෙක් යනුවෙන්ද ස්ති‍්‍රය මුදු මොලොක්, සියුමැලි, ලිංගික පීඩකයා, හැගීම්බරයි, සංස්ලේශිතයි, බහුවිධ, ඉවසිලිවන්ත, දරාගනී පහසුවෙන් සසල වන, යටත්වන්නා, කි‍්‍රයාත්මක කරන්නා යනුවෙන් සමාජය විසින් නිර්මිතයන් සකසා ඇත.
 
                          අද ස්තී‍්‍ර පුරුෂ සමාජ භාවය යන වචනය නිතර ඇසෙයි. නමුත් මේ පිළිබඳ කතා කිරිම ගැහැණුන් විසින් නොකළ යුතුයැයි විටෙක මට සිතේ. ඒ පිළිබඳ කතා කළ සැනින් පිරිමින් කළබලවනු ඇත. ඒ ගැහැණුන් සමතැන් ඉල්ලනවායැයි ඔවුන් ගේ බොළද සිතිවිල්ල නිසාය. සමතැන හෝ රිසි තැන පිළිබඳ කිසිදු ගැටලූවක් නැත. ගැටලූව ඇත්තේ එකිනෙකා විසින් ගොඩනගා ගත් මනෝභාවයන්ගේය. අද හෙට මෙය වෙනස් නොවනු ඇත. ඇට්ටර වු ගල් භූත සිත් අද හෙට පිළිසකර කළ නොහැකිය. නමුත් කාන්තාව වෙනුවෙන් කාන්තාව තනිවට හෝ ළග සිටිය යුතු වේ.
 

No comments:

Post a Comment