කරදර දහාක්
මැද්දේ හිර වූ අයට
සැනසීල්ලේ
යමක් කි වූ අයට
නිදි සුව
විදිනු රිසි වූ අයට
මා කැප වුණා
දවසෙම යුධ සේවයට
සේවය කලා දිව ? මම නෑ දන්නේ
බංකරේ දුක්
වින්දහැටි නෑ ඇය දන්නේ
දරුවන් හදාගෙන
ඇය සිටි බව දන්නේ
දුක නැති වුණා
මව සිටි බව මා දන්නේ
අද මගේ කකුල්
දෙක අහිමිය දුකක් නැතී
දරුවන් ලොකුයි
ඇගේ සේවය නිමක් නැතී
මා කළ දේට
වැඩියෙන් ඇය කළා නිතී
සේවය අගෙයි
දරු දෙදෙනා සරසවියේ ඇතී
No comments:
Post a Comment