Friday, July 3, 2015

දෑස

 
එක් දිනක මා දෑස
දකිමි ඔය දෑස
මා දෑස
ඔබ දෑස

ලෙසින් දුටු මා දෑස
 
අදරය දුක සතුට
උතුරන ඔය දෑස
හදවතේ කැටපතයි
සුරතල් ඔය දෑස
 
නුරා මත් කරන
කෝල පිරි ඔය දෑස

ආදරය එතැනයි
ගැටුණු විට ඔය දෑස

 
කවි ලියූ මා දෑස
එය බලන ඔබ දැස
දිනක සදහටම
පියවෙයි
ඔබ මා දෑස


No comments:

Post a Comment