Tuesday, July 7, 2015

සොයුරු පෙම අයදිමි



බාලවිය මිතුදමින්
තරුණ විය 
ලද සෙනේ
පැටලූනා ආදරෙන්

ආදරේ සොයුර මා
පෙර සේම අද දිනෙත්
නොවෙනස්ව
ආදරෙන් සොයුර ඔබේ 
සොයුරු පෙම අයදිමි

යළි දෙන්න ඒ සෙනේ
ඉඩ ඇතොත්
ඔය හදේ
අමතන්න
හුරු පුරුදු
දුරකථන ඇමතුමෙන්

5 comments:

  1. පෙර දින බැදි පෙම
    තනිවී ඇත ඈත ඉම
    බලා සිට හැමදාම
    රිදෙනවා මගේ ලැම

    ReplyDelete
    Replies
    1. හැම විටම පැතුමකි
      සිතිවිල්ල මත තනි වූ
      මගේ සිත් යහන මත
      හිනහෙන්න
      සැනසෙන්න
      සිටි සොයුර අද නැති

      Delete
  2. හමු නොවූ
    හිමි නොවූ
    දේ
    අතර
    තව ඇත
    බෝ
    ඉඩ

    ReplyDelete
    Replies
    1. ඉඩ තිබෙන හැම තැනම
      සිත දුවන හැම තැනම
      නොසිටි ඔහු සිටි තැනම
      තවම ඇත මා සිතේ ඒ තැනම

      Delete
    2. සහෝදර පෙම අරුම
      දැනෙනවා මට තවම
      සොයා යන සිත අරුම
      හද පෙලනවා තවම

      Delete