Saturday, June 27, 2015

ප‍්‍රවීණ සිනමාවේදී ටෝනි රණසිංහ සිය දිවියෙන් සමු ගනී.


 
රසික සමුහයාගේ සිත් සසල කරවමින් ප‍්‍රවීණ සිනමාවේදී ටෝනි රණසිංහ සිය දිවි මගේ හැත්තෑ හත් වෙනි ඉසව්ව පසු කරමින් සිටියදී ජීවිතයෙන් සමුගනී.

ධර්මසිරි වික‍්‍රමරත්න ගේ රන් තෝඩු වේදිකා නාට්‍යයෙන් රංගනයට එක්වූ ටෝනි රණසිංහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ”ගම්පෙරළිය” තුළින් සිනමාවට පිවිසුණේය. සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රය තම රංගනයෙන් ප‍්‍රභාවිත කළ ටෝනි රණසිංහ සරසවි, ජනාධිපති සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් අවස්ථා ගණනකදීම පිදුම් ලැබීය. ගඟ අද්දර, රන්සළු, කලියුගය, බද්දේගම, දෙලොවක් අතර, අහසින් පොළවට, හන්තානේ කතාව, දුහුල් මලක්, අවරගිර, පවුරු වළලූ, සප්ත කන්‍යා වැනි චිත‍්‍රපට රැුසක ඔහු දැක්වූ රංගන දායකත්වයට ඉමහත් පේ‍්‍රක්ෂක ප‍්‍රසාදයක් හිමි විය. තවද ටෝනි රණසිංහ මහතා රීදී තිරය, පුංචි තිරය මෙන්ම වේදිකාවට ද සිය දායකත්වය සැපයූ අපුර්ව කලාකරුවෙකි. ඔහු  හරිම බඩු හයක්,බෝඩිම්කාරයෝ, තට්ටු ගෙවල්, නිල් කටරොළු මල්, විරූප රූප යන වේදිකා නාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය. තවද විලියම් ශේක්ස්පියර් ගේ මැක්බත්, වැනිසියේ වෙළෙන්දා ,සහ ජුලියස් සීසර් ආදී නාට්‍ය පිටපත් රචනයෙන් ටෝනි රණසිංහ දායක විය.

සම්මානීය කලාකරුවෙකු වූ ටෝනී රණසිංහ මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු රසික සිත් සන්තානයේ ලැගුම් ගත් ප‍්‍රවීන රංගන ශිල්පියකු, සිනමා හා ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙස ටෝනි රණසිංහ මහතා කලා ක්ෂේත‍්‍රය තුළ දශක ගණනාවක් තිස්සේ කීර්තිමත් කලාකරුවකු ලෙස අමිල මෙහෙවරක් ඉටු කළේ ය.
අනූෂා රාජපක්ෂ

සිනහව අතරින් චිත‍්‍රපටය සාම්ප‍්‍රධායික තරුණ ආදරය වෙනස් කළ අවස්ථාවක්.

 

ඔහු අපිට ආගන්තුකයෙක් නොවේ. නුහුරු නුපුරුදු චරිත දිනෙන් දින හමුව වෙන්ව යයි. ඒ අතර ඔහු සදාතනික මතක පොතේ පිටු පුරවමින් සිටී. දන්නා හඳුනන සනත් ගුණතිලක නන්නාඳුුනන චරිතයන්ගෙන අප වෙත පැමිණියත් ඔහු අප ඇසට නොව සිතට ආමන්ත‍්‍රණය කරයි. අද කලා ඇත්ත සනත් ගුනතිලක මහතා ඇමතුවේ ඒ හුරුපුරුදු බව නිසාමය.
 
රංගන ක්ෂෙත‍්‍රයේ දිගු ගමනක් යෑමට චරිත වෙනුවෙන් සිදු කළ කැප කිරීම හේතු වුණාද?


ඔව්, මම සිනමාවට ආවේ අහම්බෙන්. සිනමාව තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමටයි මට  ඕන වුණේ. ඒ පේ‍්‍රක්ෂකයා තුළ යම් හැගීමක් ඇති කිරීමෙන්. එහෙම නැතිව නළුවෙක් කියලා ආකර්ශනීය පුද්ගලයෙක් හෝ කිසියම් ආකාරයක පෞර්ෂයක් ඇති කරගන්න මට  ඕන වුණේ නෑ. නමුත් මම ර`ගපෑ වාණිජ චිත‍්‍රපට හරහා ඒ ආකර්ශනීයත්වය හා පෞර්ෂය මට ලැබුණා. මම රංගනයට ප‍්‍රවිෂ්ට වුණු කාළේ සිටම මේ තුළ යම් හැදෑරීමක් කළා. එහෙම හැදෑරීමක් කළේ මේ තුළ යම් ඉලක්කයකට යෑමට නෙමෙයි. අහම්ඹෙන් කොළඹට ඇවිල්ලා ජීවත් වෙනකොට මේ තුළ පැවැත්ම හා රැුඳීමට කළ යුතු දේ තියෙනවා. මේ කටයුත්තේ යෙදෙනකොට මම උත්සහ කළේ නෑ මේක වාණිජ චිත‍්‍රපටයක්ද, කලා චිත‍්‍රපටයක් යන්න පිළිබඳව. ලැබෙන හැම චරිතයක්ම හොඳින් කරන්න මම උත්සහ කළා. මම සෑම චරිතයකට ම එක ලෙස කැපකිරීම් කළා. රංගනය අවසන් වී තවත් වැඩකට දුවන පුරුද්දක් මං ළ`ග තිබුනේ නෑ. අපේ ප‍්‍රවීණයන් රංගනය කරන ආකාරය, රූපගතකරන ආකාරය, වේෂ නිරූපණය කරන ආකාරය තුළින් මම යම් හැඳෑරීමක් කළා. සත්තකින්ම මට ලැබෙන සෑම දර්ශන කණ්ඩයක්ම වැදගත්ම දර්ශන කණ්ඩය ලෙස සැලකිමකින් මම රංගනය සිදු කළා. ඒ නිසා මට සිනමා නිර්මාණයේ සෑම දර්ශන කණ්ඩයම වැදගත් වුණා.


විරාගය චිත‍්‍රපටයේ අරවින්දගේ චරිතය වෙනුවෙන් ඔබ කළ කැප කිරීම කතිකාවට ලක් වූණා නේද?

ඔව්, විරාගයේ අරවින්ද සිනමා නිර්මාණය තුළ වෙනස් පුද්ගලයෙක් බාහිරව ඔහු වෙනුවෙන් සිදු කරන කැප කිරිම කෙනෙකුට දකින්න පුලූවන්. ඊට එහා ගිය සමාජ ආර්ථික තත්ත්වයක් සම`ග අරවින්දගේ චරිතය වෙනස් ආකාරයෙන් දර්ශනය විමත් සම`ග ඒ චරිතයේ කැපකිරීම අනෙක් චරිත වලට වඩා පෙනෙන්න පටන් ගත්තා. මගේ පාලම යට, සක්මන් මළුව, සුදු කළුවර වැනි සිදු කළ සෑම නිර්මාණයකදීම මෙන්ම මෑතකදී සිදුකළ සංගිලි සිනමා නිර්මාණය ගත්තත් මගේ කැප කිරීම ඒ ආකාරයටම තියෙනවා.

තාවකාලික පැවිද්ද, ඔබ සිනමා නිර්මාණයක් වෙනුවෙන් කළ කැපකිරිමක්ද?

සාමාන්‍යයෙන් චිත‍්‍රපටයක භික්ෂුවකගේ චරිතයක් වෙනුවෙන් තාවකාලික පැවිද්ද සිදු වෙලා නෑ.  රංගනය කෙසේවෙතත් ඒ පැවිදි වීම, චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කිරීම, ඒ තුළින් ලද ශික්ෂණය, ඒ තුළ සිදු වූ ඉගෙනීම මේ සියල්ල ක‍්‍රමවත් භාවයකට සිදු වුණා. මම සතියක පමණ කාලයක් ඒ සඳහාම කැපවී කටයුතු කළා. ඒ නිසාම ඒ තුළින් මට ලොකු වෙනසක් දැනුනා. එහි කිසියම් ආකාරයක නිදහස් බවක්, සහනයක් තිබුණා. භික්ෂුවක් ලෙස මම මම රංගනය කළේ එක දවසයි. නමුත් ඒ අත්දැකීම මගේ පෞද්ගලික ජීවිතයට විශාල බලපෑමක් සිදු කළා.

රංගන ශිල්පියෙක් ලෙස හුරු පුරුදු ඔබ අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව භාරගත්තේ කොහොමද?

අධ්‍යක්ෂකවරයෙක් විය යුතුමයි කියලා මට හිතුනා නෙමෙයි. අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කළින් මම නිශ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක් වෙනවා. රංගන ශිල්පියෙක් ලෙස තමාගේ රංගනය හා  තවත් පිරිසක් යොදා ගනිමින් කිසියම් ආකාරයක කතාවක් පේ‍්‍රක්ෂකයා වෙත යොමු කිරීමේ ආසාවක් සාමාන්‍ය ලෞකික ආහාවන් ඇති මිනිසෙකුට සිතීම සාමාන්‍ය දෙයක්. ඉතිං ඒක තමයි මම කළේ. ඇත්තටම අධ්‍යක්ෂකවරයෙක් ලෙස තාමත් මම කරපු කාර්යයේ තියෙන බරපතලකම මොහොතකටවත් අඩු කොට සිතන්නේ නෑ.

සිනහව අතරින් චිත‍්‍රපටය සාම්ප‍්‍රධායික තරුණ ආදරය වෙනස් කළ අවස්ථාවක්. මේ කතා තේමාව සකස් වෙන්නේ කුමණ ආකාරයෙන්ද?


ඇත්තටම මේ සත්‍ය සිදුවීමක්. මෙය මට ලබා දෙන්නේ චමින්ද පෙරේරා. මෙය සත්‍ය සිදුවිමක් නිසා මෙහි වෙනස්කම් කිරීම කළ නොහැකියි. මෙහිදී සාමාන්‍ය කතාබහට ලක් වෙන අනියම් සම්බන්ධතා පිළිබඳ කතා වෙනවා. ඒ නිසාම මෙය වරදෙහි බැඳෙන කාන්තාවන් පිළිබඳ කතාකරන චිත‍්‍රපටයක් ලෙස ප‍්‍රකාශ කරනවා. ඇත්තෙන්ම ඒකට දිය හැකි පිළිතු ඔව්. නමුත් ගැහැණුන් වරදෙහි බැඳුණු මුල්ම හෝ අවසාන අවස්ථාව සිනහව අතරින් නෙවෙයි. ඒක සදාතනිකව ලෝකය තුළ සිදු වුණා වූ දෙයක්. මෙම සිනමා නිර්මාණය තුළ මෙම සම්බන්ධකම්, ගැටලූ ප‍්‍රශ්න ඇති වුණේ ඇයි, එයට බලපෑ හේතු මොනවාද?බුදු දහමේ ඇති අල්පේච්ච චීවිතය කොයි ආකාරයෙන්ද? අත්හැරීම සිදු වන්නේ කෙසේද? යනාදිය පිළිපඳ කතා කරනවා. ඒ වගේම කතාව අවසානයේ සියලූ දෙනාම සිදු කළාවූ වැරදි වලින් නිදහස් වන බවක් පේනවා. මෙහිදී සාමාන්‍යයෙන් කෙනෙක් කතා නොකරන, පේ‍්‍රක්ෂකයා යම් බුද්ධිමය සාකච්ඡුාවකට ගෙන යා හැකි බුද්ධිය මෙහෙයවා කතා කළ යුතු සිනමා නිර්මාණයක් ලෙස මම සිනහව අතරින් දකිනවා.

සිනමා ක්ෂේත‍්‍රය තුළ රංගන ශිල්පියෙක් ලෙස දීර්ඝ ඉතිහාසයක් ඇති ඔබ අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක් ලෙස සිනමාව තුළ තවමත් සකී‍්‍රයව රැදී සිටින්නෙක්. වර්තමාන සිනමා ක්ෂේත‍්‍රය ගැන මොකද හිතෙන්නේ?

සිනමා ක්ෂේත‍්‍රය සකස් විය යුතු ආකාරය කතා කිරීමට දැන් ප‍්‍රමාද වැඩියි. කිසියම් හාස්කමකින් හෝ සිනමා කර්මාන්තය යළි පිඹිදීමක් ඇති වුවහෝත් මම එක්වරට දහස් වාරයක් සතුටු වෙනවා. කිසිදුමප‍්‍රළියමක් නොමැති වීම නිසා දීර්ඝ කාලක් තිස්සේ ක‍්‍රමයෙන් සිදු වුණ හානිය අද පිරවිය නොහැකි ගැඹුරු වලක් බවට පත් වෙලා තියෙනවා. මෙය එකපාරටම පුරවන්න කොහොමත් අමාරුයි. ඒක එකපාරටම වෙන්නෙත් නෑ. නමුත් මේ සිනමා ක්ෂේත‍්‍රයේ සිටින අපි අතර මොන මත භේද තිබුණත් කුමන ආකාරයේ බලවේග වලට යොමු වෙලා සිටියත් අපි ශිල්පීන් ලෙස එකට කටයුතු කරලා සිනමා කර්මාන්තයක්, කලාවක් ලෙස වඩා වර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි. මේ සඳහා රජයෙන් සහයෝගයක්, නව තාක්ෂණය මේ සඳහා අවශ්‍ය අතරම විශාල බලවේගයක් මේ සඳහා අවශ්‍ය ම වෙනවා.

Tuesday, June 23, 2015

නැන්දම්මා ලේලි කෝලම බලා අමතක කළ යුතුයි

 
 
ලාංකික රූපවාහීනි කාලාව ආරම්භයත් සමග ම පේ‍්‍රක්ෂක වින්දනය හා රසඥතාවය අරමුණු කරගෙන ටෙලි නාට්‍ය කලාව ද ආරම්භ විය. මුල් කාලීන ටෙලි නාට්‍ය හා ඉන්දීය අනුකාරක සිංහල විත‍්‍රපට අතර පැහැදිලි වෙනසක් දක්නට නොවීය.

1930 දශකය වන විට වර්ධනය වූ මාධ්‍ය ජාලය ගෘහනිය (කාන්තාව  අමතන්නට විය. 1930 ගණන්වල වර්තමානය මෙන් කාන්තාව බහුලව රැකියාවෙහි නිරත වී නැත. සැමියන් රැකියා වලටත් දරුවන් පාසැල් වලටත් ගිය පසු ගෘහනියන් නිවසෙහි හුදෙකලා විය. ඇමරිකාවේ ගුවන් විදුලි සේවා සහ සබන් නිශ්පාදන ආයතන හුදෙකලා වූ කාන්තාවන් ට වින්දනයක් ලබා දීමට නාට්‍ය විශේෂයක් නිර්මාණය කළහ. ඇමරිකාවෙන් ඇරඹි සෝප් ඔපරා නාට්‍ය කලාව පසුව බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ සෙසු රටවල ද ජනපි‍්‍රය විය. 1940 දශකයේ දී ඇමරිකා එක්සත් ජනපදය සතිපතා විකාශනය වූ සෝප් ඔපෙරා ගණන 64ක් වූ අතර, 1950 දශකයේ දී මෙම කලාව රූපවාහිනී මාධ්‍යයට ද හඳුන්වාදෙන ලදි. නමුත් අද වන විට මසකට විකාශනය වන ටෙලි නාට්‍ය ගණනය කිරීම අපහසුය. දිනෙන් දින නව ටෙලි නාට්‍ය බිහිවෙමින් පවති. දේශීයව නිපදවන ටෙලි නාට්‍ය මෙන්ම විදෙස් රටවලින් ගෙන්වා හඩකවන ලද ටෙලි නාට්‍යයද මේ අතර වැදගත් වේ. මේ දිනවල විකාශනය වන හඩකවන ලද ටෙලි නාට්‍ය අතර සප්නා, මේ ආදරයයි, ජෝදා අක්බාර්, මහා භාරත්, ශී‍්‍ර ගෞතම සිද්ධාර්ථ, අශෝක ආදිය වැදගත් වේ. මෙහි බහුතරයක් ඓතිහාසික රැල්ල නියෝජනය කරයි. ඒ අතර මේ ආදරයයි ටෙලි නාට්‍ය, දියුණු වූ ඉන්දියාව රුපයට නගයි. නමුත් සප්නා සංස්කෘතිය තුළ හුදෙකලා ගමනක් යයි.

සප්නා ටෙලී නාට්‍ය තම 500වන කොටස පසු කරමින් සිටියි. සප්නා ගේ සිහිනයටත් දින 500ක් ගෙවී ඇත. ලාංකික කතුන්ගේ සිහිනය සප්නාගේ සිහිනය සැබැ කර දිමය. ඔවුන් ඒ වෙනුවෙන් දින 500ක් එකම අරමුණක සප්නා දෙස බලා සිට ඇත. සැබැවින්ම මේ සිදු වන්නේ කුමක්ද? නැන්දම්මා ලේලී අරගලයට නිමාවක් නැද්ද? දුවක විවහයෙන් පසු පිවිසෙන නව නිවසේ සිටින මවට, ඇය තමන්ගේම දියණියක් ලෙස පිළිගෙන ඇයට ද මවක් විය නොහැකිද? සප්නා හී ප‍්‍රධාන කාන්තා චරිත කිහිපයකි. ඒ සන්තුෂ්(සප්නාගේ නැන්දම්මා, සප්නා, මීනා, එමලී, ඡාවී, චතුරි යන පිරිසයි. මේ අතර සප්නා, මීනා, එමලී මේ නිවසට ආගන්තුක තරුණියන්ය. තිදෙනාම එම නිවසේ යේලියන්ය. නැන්දම්මා හා මොවුන් අතර තිබෙන ගණුදෙනුව මේ කතාව පුරාවට දිස්වේ. සප්නා පොලිස් නිලධාරිනියක් වීමේ සිහිනයක් දුටු අයෙකි. ඇය කුඩා කළ සිට දුටු මේ සිහිනය තම සැමියාගේ නිවසේදී සුණු විසුණු වී යන සැටි ඇය සාම්ප‍්‍රධායික කාන්තාව  වෙනස් කිරිමට කළ උත්සහයන් ව්‍යර්ථයන් වී යන සැටිත් අප බලා සිටින්නට විය. අවසානයේ ඇයගේ එකම ගැලවුම වූයේ ඉතිරී වූ හිස් කළය පමණකි. විවිධ පරීක්ෂාවන්, සිරිත් විරිත්, සංස්කාතිය ඇය පසු පස යයි.

ඉන්දීය ටෙලි නාට්‍ය ලාංකික අපිට ආගන්තුක නැත. ශාන්ති, තුල්සී, ප‍්‍රවීනා, චිත්ති තවමත් අප සමාජයේ සැරිසරයි. තුල්සි ගස, මුදු, සාරි, ඒ ආකෘතියට එක පිට එක බිහි වූ දීර්ඝ ටෙලි නාට්‍ය රැල්ල ලාංකිකක අනුකරණයන්ය. සතියේ දින 05ක් ලාංකික මව්වරුන්, දියණියන්, ලේලියන් හා පියවරු, පුතුන් එකට එකතු වී සප්නා නරඹයි. මෙහි නිරන්තරයෙන් දකින්නට ලැබෙන කිකරු ලේලීය, නැන්දම්මාගේ ආධිපත්‍ය ලාංකික කතුන්ට මහත් ආශ්වාදයක් සපයයි. රූපවාහිණි තිරය මත වන සුන්දර ඇඳුම, ආකර්ශනීය කතා විලාශය, හැඩකාර ගමන අනුකරණය කළ අපේ කාන්තාව, අපේ මව්වරු මේ නැන්දම්මා ලේලි කෝලම බලා අමතක කරන්නේ නම් එය ඉතා යහපත් කරුණකි.

ලාංකික සමාජය තුළ කාන්තාවන් රැකියා කරයි. ඇය වෘත්තීය තත්ත්වය තුල යම් ස්ථාවරයන් ගොඩනගා ගනිමින් සිටී. සංස්කෘතික සිමාව තුළ සීමා මායිම් පැවතුනද එය සප්නා හී පෙන්වන තත්ත්වය තරම්ම නොවෙයි. අද අපේ නැන්දම්මා තම ලේලීයට සලකයි. ඇය පුතාමෙන් නිවසේ කටයුතු සඳහා කරනු ලබන සම කැපවිම දෙස උපේක්ෂාවෙන් බලයි. එදා අපේ සමාජයේ ගොඩනැගුණ නිර්මිතයන් බිද දැමීමට අවැසි වූවේද ලාංකික මවටයි. එදා සංස්කෘතික සාහිත්‍ය තුළ වූ,
 

කන්න රස අහර තද බඩගින්න                වෙත
නින්දට යහනාව තද නිදිමතට                  ඇත
නැන්දයි ලේලියි වගේ ඉන්නේ               නැත

නැන්දට ලේලී කොතැනැත් පැවතුනේ    නැත
 
වැනි නිර්මිතයන් අද බුද්ධියෙන් විමසමින් වෙනස් කරමින් සිටී. රූපවාහිනිය ඇස පිනවයි. සිත සතුටු කරයි. නමුත් එය අපේ යහපත් පරිවර්තනයන්ට යළි කණකොක් සේයා නොපෙන්වන්නේ නම් එය ඉතා වටී. ලාංකික කාන්තාව සංවර්ධනයට දායක වෙයි. අද ලාංකික කාන්තාව මුදල් උපයමින් නිවසේ කටයුතු වලට සැමියා හා සම සහයිකාවක් ලෙස කටයුතු කරයි. සංවර්ධනය තුළ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා සංවර්ධනය වර්තමාන භාවිතයේ පවතින ඉතාම සමාන යෙදුම් දෙකකි. එකක් වෙනුවෙන් අනෙක ආදේශ කරමින් භාවිත කිරිමේ හැකියාව ඇති මෙම යෙදුම් දෙකෙහි සැලකිය යුතු තරම් වෙනසක් නොමැත.
 
අන්ධයෝ, ගොළුවන් හා බිහිරන් මැද රාටි පවුලේ සිටින්නේ සිහිකලූපනාව තියෙන එකම එක්කෙනෙකි. ඒ සන්තුෂ් පමණකි. මෙම පවුලේ සියලූ තීරණ ගනු ලබන්නේ මවයි. ස්පනා යනු ඉන්දීය සාම්ප‍්‍රධායික චින්තනයට පොලූ පහරකි. ඇය රාටි පවුලේ සෙසු අයට වඩා ඉඳිරියෙන් සිතයි. ඉඳිරියෙන් කි‍්‍රයා කරයි.
 
සප්නා ලාංකික කතුන් නරඹන්නේ ඇයි? මේ සඳහා හේතු මොනවාද? මේ ප‍්‍රශ්නය ඇසූ විට දුන් පොදු පිළිතුරු කිහිපයකි. ඔවුන්ගේ ඇඳුම් හරිම ලස්සනයි.  දැන් ඒක බලන්නම  ඕන වගේ, ඒක පවුලේ කතාවක්. ඒ රුප, සිද්ධි, වර්ණ හරිම ආකර්ශනීයයි. මෙහි කතුන් නින්දට යන්නේද සියලූ ආභරණ හිස පළඳනා සහිතවය. ටෙලි නාට්‍ය අහිංසක අසරණ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ ආශාවන්ට තාවකාලික තෘප්තියක් ලබා දෙයි. මෙම චරිත සබෑ ලෝකයෙන් වෙන්ව පවතී. සැබෑවට බහෝ දුරින් ඇති මේ චරිත හා සිද්ධි ලාංකික චින්තනයට හෝ චර්යාවට අයහපත් බලපැමක් සිදු කරන්නේ නම් එය මහත් වූ අභාග්‍යයකි. 500 වන දින ගත වන විටත් සප්නා තම ඒකායන සිහිනයේ සිටියි. දැන් සුරාජ් අලූත් කෝලමක් ආරම්භ කර ඇත. ඒ සප්නාගේ පොලිස් කොලම රග දැක්වීමට උදව් කිරීමය. කාලයෙන් කාලයට සාත්තරකාරයෝ, මරාගෙන මැරෙන බෝම්බකරුවන්, නළුවෝ රාටී නිවසට ඇවිත් ඇවිත් යයි. අපි තව තවත් හරි බරි ගැසී සප්නා වෙනුවෙන් කාලය වෙන් කරයි. නමුත් සප්නා මේ කපේදි පොලීසියට නොයනු ඇත. නරඹන ඔබට ඒ හීනෙන් ගැලවීමක් ලැබෙන්නේද නැත.
 
අනූෂා රාජපක්ෂ
 

Friday, June 19, 2015

පාට නොකරපු කතාව



අහිමි වූ දහසක් අතර
අහිමි වූ වර්ණ රහිත
හැගීම් විරහිත
මහ කාලකන්ණි
සුදු වර්ණයට
මම
සාප කළෙමි
කුඩා කළ බිය වූ
කළු වර්ණය තුළ
ඇති සැකය හා ත‍්‍රාසය
අද ද මා බිය ගන්වයි
නිමක් නැති ආශා
සැගව ගත් ලෝ
චරිත නම් වෙස්මූණ
පැළඳ ඇත
පාට පාට චරිත අතර ඇති
කළු සුදු පාට
පාට
වෙන් කරා වී
හරි අපූරුවට
        පාට ඔබේ සෑම පාටකටම අමතාවී ඉඳිරියටත්

Monday, June 15, 2015

මෙගා නාට්‍යයකට රිංගා ගත්තොත් කොහොමහරි ජීවත් වෙන්න පුලූවන්



 

කලාව ට හිමිකරුවන් නැත. අයිතිකරුවන් නැත. අයිතිකරුවන් හිමිකරුවන් නැති කලාව තුළ අත්කර ගැනීම් විටින් විට ඇති වේ. ඒ කලාව සරසන නිර්මාණ තුළින්. ඇස පිනවන රූප නිතර හමු වී මැකී යයි. සිතන්නට යමක් එකතු කළ රූප සදා මතකයේ රැදේ. ඒකාකාරීත්වය අතර නව්‍යකරණයන් සොයා යන මිනිසුන් නිතර හමු නොවෙයි. ලලිත් රත්නායක ඒකාකාරීත්වය අතර නව්‍යකරණයන් සොයා යන කලා කරුවෙකි. ”තෙත් සහ වියලි” ටෙලි නාට්‍යයෙන් රසික ප‍්‍රජාව හඳුනාගනු ලබන ඔහු ”අරුංගල්” තුළින් රසික සිත් සියුම් ලෙස ස්පර්ශ කළ බව සැබැවකි. මේ ලලිත් රත්නායක මහතා සමග කළ සංවාද සටහනයි.

ඔබගේ නිර්මාණයන් හි ඔබ දකින සුවිශේෂීත්වය කුමක්ද?

මම හිතන ආකාරයට අපේ නිර්මාණ තුළ යම් විශ්වීය බවක් තිබිය යුතුයි. මම නිර්මාණ කරන්නේ හුදෙක් රසාස්වාදය පිණිස ම නෙමෙයි. පේ‍්‍රක්ෂකයා තුළ  හැගිම් දැනීම් ඇති වන ආකාරයට නිර්මාණ බිහි කිරිම මගේ ස්වරුපයයි. මම හිතන ආකාරයට මගේ නිර්මාණ වල ගැඹුරු දහමක් තියෙනවා. ඒ  මනුෂ්‍යත්වය පිළිබඳවයි.

ඔබගේ නිර්මාණවල භාවිත වන වර්ණ තුළ යම් ඒකාකාරී බවක් තියෙනවා. එයට යම් හේතුවක් තියෙනවාද?

මම මැරුණු වර්ණ වලට කැමති මනුස්සයෙක්. අද ගොඩක් වර්ණවත් නිර්මාණ බිහි වෙන්නේ. වර්ණ සැකසීමේදීත් ඔවුන් හැකිතාක් ඒ නිර්මාණ වර්ණවත් කරනවා. නමුත් මම කැමති කතාවට හා චරිතවලට මුල් තැනක් දෙන්න. ඒ සඳහා පසුබිමේ තියෙන වර්ණ අඩු කිරීමට. අද තාක්ෂණයේ දියුණුව දෙස බලන කොට ”තෙත් හා වියලි” ටෙලි නාට්‍ය කළේ අඩු පහසුකම් තියෙන පහළ මට්ටමේ කැමරාවකින්. එහිදී අපි කළේ කැමරාවේ වර්ණ අඩු කිරීම. ”අරුංගල්” ටෙල් නාට්‍ය සිදු කලෙත් මේ අකාරයට. අද තාක්ෂණය දියුණුයි ඒ නිසා අපි ඒ කාර්ය සිදු කරන්නේ පටිගත කිරීමෙන් අනතුරුව. මගෙ අලූත් නිර්මාණයේ වර්ණ පෙර නිර්මාණයේ මෙන් නොවේ. නමුත් එහිත් යම් වර්ණ අඩු වීමක් දක්නට ලැබෙනවා. වර්ණයෙන් විශාල වෙනසක් කරන්න පුලූවන්. රෝස පාට ඇදුමකින් සැරසුන ගැහැණු ළමයා හැඞීම හා සුදු පාට ඇදුමකින් සැරසුණු ගැහැණු ළමයා හැඞීම දර්ශනය වෙන්නේ දෙයාකාරයකටය. එහි වෙනසක් තියෙනවා.

අද බිහිවෙන ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නේ?

මම ටෙලි නාට්‍ය බලන්නේ නෑ. කැමරාවක් ඉඳිරියට විත් යම් නළු නිළි පිරිසක් දෙබස් කීම ටෙලි නිර්මාණයක් කියලා තමයි අද නිර්මාණ කරන අය හිතන්නේ. මුල් කාලීනව පේ‍්‍රක්ෂකයින් ටෙලි නාට්‍ය වැළදගන්නේ එය සිනමා නිර්මාණයක් තරම් ම වැදගත් දෙයක් ලෙසයි. ඒ නිසාම මුල් කාලයේ ටෙලි නාට්‍ය නිර්මාණය ට ලොකු කැපවීමක් කළා. අද වන විට ඒ කැප කිරීම කරන්නේ ඉතා සුළු පිරිසක්. අතලොස්සක් තරම් සුළු පිරිසක් පමණයි, මේ තුළ යම් හරයක් සොයමින් යන්නේ. හොද නිර්මාණයක් කිරීමට ලොකු මුදලක් වැය වෙනවා. මම ටෙලි නාට්‍ය වලින් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ටෙලි නාට්‍ය 03ක් කරලා මනුස්සයකුට ජීවත් වෙන්නත් බෑනේ. අද තියෙන ලොකුම ගැටලූව තමයි ලොකු වියදමක් දරමින් සිදු කරන නිර්මාණ විකුණා ගැනීමට නොහැකි වීම. නාලිකාවලිනුත් ලාබය ගැනයි බලන්නේ. නමුත් හොඳ නිර්මාණයක් වෙනුවෙන් මේ අතර නාලිකා යම් ඉඩක් වෙන් කරන අවස්ථාවලදි ලැබෙන අවස්ථාව විතරයි ඉතිරිව තියෙන්නේ. ඇත්තම කතාව හොඳ ටෙලි නාට්‍යයක් කරලා කොහොමත් ජීවත් වෙන්න බෑ. ඔන්න මෙගා නාට්‍යයකට රිංගා ගත්තොත් කොහොමහරි ජීවත් වෙන්න පුලූවන්.

සම්මාන උළෙලවල්  ගැන මොකද හිතෙන්නේ?

මුල් කාලයේ සම්මාන උළෙලවල් දෙස බලාගෙන හිටියා. දැන් අපි ඒ උළෙලවල් නියෝජනය කරනවා. සත්තකින්ම මේ විනිශ්ච මණ්ඩලයේ සැකැස්ම යම් කිසි ක‍්‍රමයකට අනුව සිදු විය යුතු දෙයක්. මේ කලාව පිළිබඳ යම් හැගීමක් මේ විනිශ්ච මණ්ඩලය සතු විය යුතුයි. නිවැරදි සුදුසු විනිශ්ච මණ්ඩලයක් සිටින අවස්ථාවන් හී මේ තත්ත්වය ලොකු වෙනසකට ලක් වෙනවා. සාධාරණ නිවැරදි විනිශ්චයන් ඉන් ලැබෙනවා. මම කරපු නාටය දෙකෙන්ම මම දැනට සම්මාන ලබා ගෙන තියෙනවා. ”තෙත් සහ වියලි” ටෙලි නාට්‍යයට සම්මාන 26ක් ලබා ගත්තා. ඒ වාර්තාව මම විසින්ම බිද දමමින් ”අරුංගල්” ටෙලි නාට්‍යයට සම්මාය 44ක් ලබා ගත්තා. මම හිතන ආකාරයට දැනට ඒ වාර්ථාව කවුරුත් බිද දමා නෑ. අහිමි වීම් හිමි වීම් අතර සම්මාන උළෙලවල් හී ගැටලූ අත්විදි කෙනෙක් මම.

අරුංගල්” ටෙලි නාට්‍යයෙන් පසු කළ නව නිර්මාණ මොනවාද?

මගේ අලූත්ම නිර්මාණය තමයි ”වන් වේ”. මෙහි මූලිකම තේමාව මානසික රෝගයක්. මෙහිදී පශ්චාත් ව්‍යසන ක්ලමතය පිළිබඳව කථිකාවට ලක් වෙයි. ලෝකයේ මෙන් ම ලංකාවේ ද මෙම රෝගයට ලක් වූ සෙබලූන් බහුලව දැකිය හැකියි. අපේ රටේත් මේ රෝගයට ගොදුරු වූ පිරිස් බහුලව ඉන්නවා. මේ නාට්‍ය තුළ මනෝ වෛද්‍යවරයෙක් ට යුද්ධ කාලයේ හමුවන රෝගීන් 03දෙනෙක් ඉන්නවා. මින් එක් රෝගියෙක් යුධ හමුදා සෙබලෙක් වන අතර අනෙක් රෝගියා LTTE සමාජිකයෙකි. අනෙක් රෝගියා යුද්ධයෙන් පීඩාවට පත් වූ ගමක සාමාන්‍ය වැසියෙකි. එකම රෝහලක ප‍්‍රතිකාරගනු ලබන මේ තිදෙනා වටා කතාව ගොඩනැගී ඇත.

මේ නිර්මාණයට දායක වෙන්නේ අලූත් චරිතද?

ඔව්. මේ  නිර්මාණයට ගොඩක් වේදිකා නාට්‍ය ශිල්පීන් දායක වෙනවා.

මෙවැනි නිර්මාණයක් කිරීමට මූලික වූ යම් හේතුවක් තියෙනවද?

මගේ සහෝදරයෙක් ඉන්නවා මනෝ වෛද්‍ය වරයෙක්. එයාගේ හැඩය චෛතසිකයන් ගොඩක් වෙනස්. එයාගේ ප‍්‍රතිරූපය මෙන්ම පසු කාලීනව මෙම රෝගය පිළිබඳව මම කළ පරීක්ෂණ, නිරීක්ෂණත් එක්ක මට යම් අදහසක් තිබුණා.

මම හිතන්නේ මගේ නිර්මාණවල මට ම ආවේණික වුණ යම් රිද්මයක් තියෙනවා. ඒකට කැමති පිරිසක් ඉන්නවා. ඒ වගේම මගේ නිර්මාණවලට පි‍්‍රය නොකරණ පිරිසකුත් ඉන්නවා. වේග රිද්ම ගී අහන්න පුරුදු වූ පිරිසකට අමරදේව මහත්තයාගේ ”සඳ ගත් පිණි දිය” ගීත අහන්න බෑ. ඒ  ගීතය අහන්න මැඩපවත්වාගත් හික්මීමක් තියෙන්න  ඕන. මම හිතන්නේ මගේ නිර්මාණවලටත් පුරුදු වූ යම් පිරිසක් ඉන්නවා කියලා.

අලූත් නිර්මාණය පේ‍්‍රක්ෂකයා භාර ගනීවිද?

අලූතින් කළ නිර්මාණය මගේත් අලූත් වැඩක්. ඒක කොයි විදිහට පේ‍්‍රක්ෂකයා භාර ගනීවිද දන්නේ නෑ. තව ටික දවසකින් මේ නිර්මාණය ජනතාවට සමීප වෙයි.

 

අද දවසේ නිර්මාණ කා වෙනුවෙන්ද?



අද දවසේ නිර්මාණ කා වෙනුවෙන් කුමන හේතුවක් මත බිහිවන්නේද? ඉල්ලූමට සරිලන සැපයුම තුළ තම ආත්මය විකුණා දැමීම මනුස්සත්වයට කෙතරම් උචිතද? ස්තී‍්‍රත්වය හෙවත් ස්තී‍්‍ර සැබැවින්ම කවුරුන්ද? ඉතා සුළු ඉඩකදි වුවද සැළෙන හදවතක් ඇති, සියුම්, බොලද, මෘදු වස්තුවක් ලෙස සලකන ඇය හුදෙක් පිරිමින්ගේ ජීවන තෘප්තිය වෙනුවෙන් තම සේවා සපයන සේවිකාවන්ද? විමසා බැලිය යුතුව ඇත. ස්ති‍්‍රය හා පුරුෂයා එකිනෙකට ජීව විද්‍යාත්මක වෙනස්කම් ඇති කොට්ඨාශ දෙකකි. කුඩා කළ සිටම ඇය ට හා ඔහුට උරුම වන කටයුතු කුමක්ද? එය විය යුත්තේ කෙසේද? කුඩා කළ ගැහැණු දරුවාට බොනික්කා අතට දුන්නේ ද, ඇය ඒ බෝනික්කා නලවමින් සෙල්ලම් බත් උයන්නේ ද තම උරුම හිමිකම වැළද ගැනීමට දරණ ප‍්‍රාථමික උත්සහයක් වශයෙනි.

කලාව අද කා උදෙසාද? එහි මුලික කතා තේමාව කවුරුන්ද? බහුතරයක් ස්තී‍්‍රන් පිළිබද නිර්මාණ බිහිවන්නේ පිරිමින්ගේ අතින්ය. ඒ නිර්මාණ නරඹන්නේ රස විදින්නේ බහුතරයක් වූ සාමාන්‍ය ස්ති‍්‍රයයි. සොවින් තැවෙන දුකින් පීඩාවට පත්ව සිටින ඇය සුන්දර රූපයකින් හා සුන්දර ඇදුමින් විසල් නිවෙස් තුළ තම දිවි ගෙවන කාන්තා චරිත දෙස ආශාවෙන් බලා සිටියි. තවද රූපවාහිනී තිරය මත දැන්වීම්කරණය තුළ දිග හැරෙන මව වයස අවුරුදු 30 නොයික්මවයි. සිහින් සිරුරක් ඇති ඇය සුදු පැහැයෙන් යුක්තය. එදා වේල අපහසුවෙන් සරිකරගනු ලබන්නාවු ඇය සුඛී සුවපත් වු ටෙලි නාට්‍යයේ සරණ කාන්තාව දෙස බලා තම දෑස් තෘප්තියට පත් කර ගනියි. ඒ ඈ දැස් මත සැබෑ නොවන ඇය පතන්නාවූ ලොව නෙත් මානයේ දිගහරින නිසාය.  මුවට මුව තබා කොදුරමින් දෙතොල් වලින් මල් රොන් ඉරීමට ඇරයුම් කරන, කංසා බී උඩුකුරුව සයනේ වැතිර සිටින සොකරියගේ සිට අහංකාර නගරේ ස්තී‍්‍රන් තම ආදරේ ඉල්ලා හඩන ස්ත‍්‍රීන්, පිළිබද ගැයෙන ගීත හා ගී රුප රචනා තුළ බහුලව පවති. කාන්තා කදුල රූපමය බසට පෙරළෙන්නේ පිරිමියාගේ ඇසින්ය. ඇය ප‍්‍රතිනිර්මාණය වන්නේ පිරිමියාගේ සිතෙනි.

ලාංකික දීර්ඝ ටෙලි නාට්‍ය ඉතිහාසය දිග් විජය කරන්නේ  දරුවෝය. අනේක දුක් පීඩා මධ්‍යයේ තම දියණියන් මෙන්ම පවුලේ සියලූ දුක් උහුලන්නේ කථා නායිකාව වූ සුදු ආච්චීම වේ. ඉන් ඇරඹී ලාංකික ටෙලි නාට්‍ය වංශය දුක් විදින, විදවන, මෙන්ම අමුතු කාන්තා චරිත ශාන්තී, තුල්සී(මහගෙදර, ප‍්‍රවීණා, චිත්ති, වසූදා, කාව්‍යා, ගෞතමී, කිදුරංගනා, පතිනි, බට්ටි, පබා, මුතු කිරීල්ලි අමන්දා, අමා තුළින් නෙත් මානයට ගෙන එයි. ඉන් නොනැවතුන ටෙලි නාට්‍ය කලාව සප්නා හී තනි වූ පීඩාවට පත් වූ එහෙත් නොසැලෙන කාන්තාව ලංකාව තුළ විකාශනය වුවද ඇය ඉල්ලා සිටින්නේ ඉන්දිය සමාජ ක‍්‍රමය තුළ ඇයට නිසි තැනය. ඇය සිදු කරන්නේ ඒ විමුක්තිය වෙනුවෙන් කරන ජිවන අරගලයකි.

රූපවාහිනිය තුළ නිරන්තරයෙන් කාන්තාවන් නිරූපනය වේ. කැමරා කාචයට ඇගේ ඉග, ළැම, මුව නිති හසු වෙයි. නිර්මාණකරුවා ව්‍යාපාරිකයාට ද, රසවින්දකයාට ද, හුදු සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාට ද ලබා දෙන්නේ එකම ප‍්‍රතිකර්මයකි. ඒ කාන්තා ශරීරයයි. එය පූර්ණ හෝ අර්ධ වශයෙන් විය හැකිය. විටෙක ඒ වචනයෙන් ලබා දෙන ඉගි පමණකි. ආගම සංස්කෘතිය සධාචාරය මාතෘත්වයේ මුවාවෙන් පුරුෂයා විසින් කාන්තාව පසෙකට තල්ලූයි. නමුත් පිරිමින් විසින්ම මුදල් වෙනුවෙන් ඇගේ සිරුර බන්දේසියේ තබා අලෙවි කරන විට  කාන්තාව ආගම සංස්කෘතිය සධාචාරය මාතෘත්ව ඔවුන්ට අමතක වී ඇත. නමුත් ලංකාවේ කාන්තාවන් ද නිර්මාණකරණයේදී පුරුෂයාට වඩා වෙනස් නොවේ. විටෙක මෙය සම්ප‍්‍රධායෙන් සිත් තුළ ලැගුම් ගත් චින්තනයන් අහේතුකව නිර්මාණ තුළ මතු වනු විය හැකිය.

පෙළ පොත තුළ සාමාට මල් නෙලා දෙන්නේ අමරය. සම්ප‍්‍රධාය තුළ ඇගේ චරිතය වෙනස්ය. සමාජය තුළ ස්තී‍්‍ර පුරුෂ ප‍්‍රතිරූපය නිර්මාණය වීමේදී ආගම, අභිචාර සහ විශ්වාස පද්ධතීන් හේතු කාරක වූ අතර වූ අතර මේ සියලූ දේ පුරුෂාධිපත්‍යය තුළ උත්පාදනය වූ නියමයන් විය. සමාජයේ මුල් බැස ගත් අගතිගාමී ආකල්ප හා සම්ප‍්‍රධායන් අභියෝගයට ලක් කරමින් නව චින්තන විප්ලවයක් තුළ ස්තී‍්‍ර ප‍්‍රතිරුපය පිළිබද නවමු කතිකාවතක් ඇති කිරීමට තවමත් නිර්මාණකරුවා අපොහොසත් වී ඇත.

අනූෂා රාජපක්ෂ

රසට උයන්න දරුවන්ට උගන්වන්න ඕන - පබිලිස් සිල්වා මහතා




 
ළග එන අලූත් අවුරුද්දට රටක් සූදානම් වන මොහොතක්. පරිසරය ඒ වෙනුවෙන් හුදෙකලාව සැරසෙයි. අපේ අහරට නිසි තැනක්, උරුම රසක් සොයා යන ඔහු අද රටක් හදුනයි. ඒ ඔහු ඔහුව සොයා සංක‍්‍රමණය වූ නිසා. ඔහු අතීතය නොසගවයි. සැබැවින්ම ඔහු දුක දිනා ජය ගත්තෙකි. අහර පුරාණය සොයා යන්නන්ට පබිලිස් සිල්වා මුණ ගැසෙයි. දිනක ඔහු රන් අකුරින් ලිය වෙයි. උරුමයන් ගැන මහ ඉහළින් කතා කරන අපේ අහර සංස්කෘය කෙබදදුද? අවුරුද්දේ කෑම මේසය හැඩ කරන, රසකරන ඔබ මේ ගැනත් සිතන්න. මේ පබිලිස් සිල්වා මහතා සමග කළ සංවාද සටහනයි.

ඇත්තටම අද අවුරුදු නැද්ද?
අද බොහෝ වැඩිහිටියන්ගේ ප‍්‍රකාශයක් තමයි අද අවුරුදු නෑ අපේ කාලේ තමයි අවුරුදු තිබුනේ අද අවුරුදු නෑ කියන මතය. මම මේ මතයට විරුද්ධයි. ලෝකයේ සෑම දෙයක්ම සෑම මොහොතකම වෙනස් වෙනවා. වෙනස් නොවීම තුළ පැවැත්මක් නැහැ. මමත් සෑම මොහොතනම වෙනස් වෙන කෙනෙක්. හැම දෙයක්ම එකම මොහොතක සිදුකරන මෙවැනි උත්සවයක් ලෝකයේ කොහේවත් නැහැ. ලෝකය වෙනස් වෙලා. අපේ දරුවෝ රන් කහවනු සොයාගෙන සංක‍්‍රමණය වන අතරේ අපේ ගමේ දරුවොත් සල්ලි හම්බ කිරිමේ චේතනාවෙන් නගරබද විවිධ රැකියාවන් වෙත යොමු වෙනවා. මේ මත සෑම සංස්කෘතියකම යම් වෙනසක් යම් පිරිහිමක් ඇතිවෙලා. ඒ තුළ ලෝකේ හොද නරක මේ රටට ගලාගෙන ඒමට පටන් ගත්තා. ඒ තුළ චාරිත‍්‍ර වාරිත‍්‍ර ඇවතුම් පැවතුම් සියල්ල වෙනස් වුණා.

අද අලූත් අවුරුද්ද කියන්නේ සැණකෙළියක්. ඒ සැණකෙළිය තුළ මනුෂ්‍යත්වය තියෙනවාද?
 ඇත්තටමඑ දා මනුෂ්‍යත්වය තිබුණා. එදා තරගකාරීත්වයත් තිබුණා. නමුත් ඒ තරගකාරීත්වය පසුපස තිබුණේ විනෝදය. අද වගේ එකෙකු පරයා නැගී සිටීමේ කැපී පෙනීමේ ආශාව නෙමෙයි. මේ සැණකෙළියට මත් ද්‍රව්‍ය අත්‍යවශ්‍ය අංගයක් වෙලා. අපේ ගම් පළාත් වලත් රා අරක්කු තිබුණා. නමුත් ඒ කිසිවකට මම නතු වුණේ නෑ. ඒ දේවල් වලට යොමු වුණා නම් මට මේ තත්ත්වයට එන්නත් බෑ. සෑබෑව සොයා ගත යුතුයි.

අපේ රටේ ආහාර සංස්කෘතියක් තියෙනවාද?
ඒ ප‍්‍රශ්නය පෙරළා අපි අපෙන්ම අසා ගත යුත්තක්. ඇත්තටම අද අහර සංස්කෘතියක් තියෙනවාද? අද ඔනෑම උත්සවයක බටු මෝජුව, සිංහල අච්චාරුව, බෝංචි ව්‍යංජනය, අල බැදුම, මස් හෝ මාළු වලට සීමා වෙලා තියෙනවා. ඇත්තටම අපේ අහර සංස්කෘතියක් තිබුණා. නමුත් අද නෑ. එදා රසට ගුණට කැවිලි හදපු බවලත් උදවිය අද නිවසේ නෑ. ඔවුන්ද සල්ලි සෙවීමේ රාජකාරීයේ නිරතවෙලා.
ලෝකේ ඉතාමත් උසස් අහර සංස්කෘතියක් තිබුණ රටක් අපේ රටxනමුත් ඒ ආහාර කිසිම ප‍්‍රමිතියකින් තොරව හදන එකම රටත් අපේ රටම තමයි.
මේ අලුත් අවුරුද්දේ අලූත් අවුරුදු කෑම මේසයට අලූතින් යමක් එකතු කරනවාද?
අනිවාර්යෙන්ම. මේ සූපය මම 1956 දී ගල්කිස්ස මහ හෝටලයටඅගුරු අදින්න පැමිණි මුල් අවදියේ මේ සූපයේ නිරත පුද්ගලයින්ට කීවේ ”බාසුන්නැහේ” කියලා. කවුරුත් ගණන් ගත්තෙත් නෑ. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. සෑම මාධ්‍යයකින්ම මේ සූපයට ඉඩක් වෙන් වෙලා තියෙනවාx ඒ තරමටම දැන් මෙය ප‍්‍රසිද්ධයි.
අද බෝ නොවන රෝග 53%ට වැඩි වෙලා තියෙනවා. ඒවට හේතු තම නිශ්චිතව සොයාගෙන නෑ. සූපවේදියෙක් හැටියට මට දැක්මක් තියෙනවා. ඒකට ප‍්‍රධාන හේතුව තමයි ආහාර වරද්දාගැනීම. අද ආහාරවලත් ආහාර රටාවෙත් ලොකු වැරැද්දක් තියෙනවා.  මෙහිදී අහර විතරක්ම නෙමෙයි, මේ අහර වල නියැලී සිටින අයගේ යම් ද්වේශ සහගත සිතුවිලි හා යහපත් සිතුවිලි මේ අහරට මුසු වෙනවා. අද මාධ්‍යයෙන් මවන අහර සංස්කෘතිය අනාගත පරපුරම ලෙඩ කරවන මායාවක්. සිතුවිලි වෙනස් කර ගත යුතුයි. මෙවර අලූත් අවුරුද්දට අතීත අහර වට්ටෝරු වලට ඉඩක් දීම වැදගත්. කෘතී‍්‍රම රසකාරක වෙනුවට එහි ඇති ඖෂධීය ගුණයන් ශරීරයට එක් කර ගත යුතුයි. ඒ අහර හරිම ප‍්‍රණීතයි. අතීතයේ මී වද කැවුම් තිබිලා තියෙනවා. හරිම ප‍්‍රණීත කැවිල්ලක්. නිරෝගිමත් ජීවිතයට් උරුම නම් හැමදාම අවුරුදු තමයි.
"හත් මාළුව" අලූත් අවුරුදු කෑම මේසයට විශේෂයි. මේ ගැන ඔබ මොකද හිතන්නේ?
"හත් මාළුව" ලංකාවේ හැම පළාතකම හදන්නේ නෑ. මම දකුණේ. දකුණේ ”හත් මාළුව” කියන්නේ යක්ෂයින්ය පේ‍්‍රතයින්ට දෙන පිදේනියට. ගොඩදිය මස්, හත් මාළුව,මල් පස් වගයක්. නමුත් සීනා කොරලය පැත්තේ අනිවාර්යෙන්ම ”හත් මාළුව” උයනවා. මේක හුගක් හොද දෙයක්. නමුත් ලංකාවට විතරක් ආවේණික දෙයක් නෙමෙයි. ඉන්දියාවේ තියෙනවා ”නව රත්න කරිය”. එහි වර්ග නවයක් තියෙනවා. මේ ”හත් මාළුව”හි ගුණ හතක්, රස හතක් ඒ වගේ වර්ණ හතක් තියෙන්න  ඕන. ඇහින් බලලා ඒ වර්ග හත හදුනාගත හැකි විය යුතුයි. නමුත් අද හත් මාළුවේ වර්ග වෙන් කර ගන්න බෑ. රසය ගුණ වර්ණ මේ සියල්ල නොනැසෙන්න මේ අහර පිළියෙල කළ යුතුයි.
හත් මළුව වගේම තමයි ආනම. ඒක ම්ශ‍්‍ර එළවළු හෝ මිශ‍්‍ර මස් ව්‍යංජනයක්. ”තේරුම් මාළුවත් ” අපේ රටට අවේණික ව්‍යංජනයක්. මනමාළිය කැන්දාගෙන ඒමට ”තේරුම් මාළුව” තේරිය යුතුයි. මන්ද මනමාළයාට මනමාළියගේ ගමේ ගහ කොළ ගැන හොද අවබෝධයක් තිබිය යුතුයි. පුහුල් ව්‍යංජනයත් අවුරුද්දට උත්සවයන්ට නොවරදින ආහාරයක්.
අවුරුද්ද ගැන ඔබේ මතකය කොහොමද?
මම රත්ගම. ගාල්ලට නුදුරිනුයි අපේ ගම පිහිටලා තියෙන්නේ. අවුරුදු කාලෙට මුළු ගමම හරිම ප‍්‍රබෝධමත්. ගමේ හිටිය ටික දෙනා ගම ඇතුලෙම තමයි හිටියේ. නමුත් අද ඒ තත්ත්වය වෙනස්. සෑම පළාතකම සංක‍්‍රමණය විම් පදිංචි වීම් මත මේ තත්ත්වය වෙනස් වෙලා ඇති. මගේ ජීවිත කාලය ගත්තොත් මට අවුරුදු 08 ක් වෙනකල් මම අවුරුදු සැමරුවා. නමුත් අපේ දුප්පත්කම, අපේ දුක්, අවශ්‍යතා මේ සියල්ල මත මට අවුරුදු අහිමි වුණා. මම ගල්කිස්ස මහ හෝටලයට ඇවිත් අවුරුදු 59ක් වෙනවා. අද වෙනකම්ම මම අවුරුද්දක් භුක්ති විදලා නෑ.

ඔබ ඇයි අද අවුරුදු සමරන්නේ නැත්තේ?
එදා මම ජීවත් වුණේ මගේ පවුල රකින්නයි ඉන්න ස්ථාන හදන්නයි. නමුත් අද මම ජීවත් වෙන්නේ මේ රටට හොද අහර සංස්කෘතියක් දායාද කරන්න. පරිණාමය වුණානම්, පරිණාමය වෙන්න ඉස්සර මිනිසා අමුවෙන් අහර ගත්තානම් ඇයි මේ අහර උයන්න පටන් ගත්තේ. මොකක්ද හේතුව. ඒවා තැම්ඹුවා, පිච්චුවා. අද රසකාරක දානවා. මොකක්ද හේතුව, ඉස්සර ඒ වෙනුවට දැම්මේ මොනවාද? සෙවීමට බොහෝ දේ තියෙනවා.

ඒ ගමනේ දැන් ඔබ කෙතරම් දුරක් ගොස් තිබෙනවාද?
2016 වෙන්න පෙර මම මගේ අදහස එළි දක්වනවා. වැඩි ඈතක නෙමෙයි. අන්න ඊට පස්සේ මගේ ජීවිතේ වෙනස් වෙයි.

ඊට පස්සේ ඔබටත් අවුරුදු තියේද?
අනිවාර්යෙන්ම. ඊට පස්සේ අවුරුදු විතරක් නෙමෙයි මම බලාපොරොත්තු වෙනවා ලෝකේ ටිකක් දකින්න.
ඔබ බලාපොරොත්තු වන වෙනස කුමක්ද?
අපේ දරුවෝ අද උයන්නේ නෑ. ඒකෙන් ඈත් වෙලා.  ගෘහ විද්‍යාව විෂය සවිමත් කළ යුතුයි. කේක් එකයි, අයිසින් එකයි, සැනිවිච් එකයි නෙමෙයි ගෘහ විද්‍යාව කියන්නේ. ලෙඩක් දුකක් නැතිව ඉන්න, හොද නරක තොරා ගෙන රසට උයන්න දරුවන්ට උගන්වන්න  ඕන.
                අත්දැකීම් තුළින් ජීවිතය සොයන්න උගත් මිනිසා, අද තවත් සෙවිමක නිරතව සිටී. ඔබ ඔබ කතා කරන උරුමය තුළ සැගව ගත් අහර සංස්කෘතියක වරුණ ඔහු ඔබට නුදුරු දිනක පසක් කරාවි. එදිනට යටගියාවේ රසය අවුරුදු කෑම මේසයටත් මුසු වේවි.