Saturday, June 27, 2015

සිනහව අතරින් චිත‍්‍රපටය සාම්ප‍්‍රධායික තරුණ ආදරය වෙනස් කළ අවස්ථාවක්.

 

ඔහු අපිට ආගන්තුකයෙක් නොවේ. නුහුරු නුපුරුදු චරිත දිනෙන් දින හමුව වෙන්ව යයි. ඒ අතර ඔහු සදාතනික මතක පොතේ පිටු පුරවමින් සිටී. දන්නා හඳුනන සනත් ගුණතිලක නන්නාඳුුනන චරිතයන්ගෙන අප වෙත පැමිණියත් ඔහු අප ඇසට නොව සිතට ආමන්ත‍්‍රණය කරයි. අද කලා ඇත්ත සනත් ගුනතිලක මහතා ඇමතුවේ ඒ හුරුපුරුදු බව නිසාමය.
 
රංගන ක්ෂෙත‍්‍රයේ දිගු ගමනක් යෑමට චරිත වෙනුවෙන් සිදු කළ කැප කිරීම හේතු වුණාද?


ඔව්, මම සිනමාවට ආවේ අහම්බෙන්. සිනමාව තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමටයි මට  ඕන වුණේ. ඒ පේ‍්‍රක්ෂකයා තුළ යම් හැගීමක් ඇති කිරීමෙන්. එහෙම නැතිව නළුවෙක් කියලා ආකර්ශනීය පුද්ගලයෙක් හෝ කිසියම් ආකාරයක පෞර්ෂයක් ඇති කරගන්න මට  ඕන වුණේ නෑ. නමුත් මම ර`ගපෑ වාණිජ චිත‍්‍රපට හරහා ඒ ආකර්ශනීයත්වය හා පෞර්ෂය මට ලැබුණා. මම රංගනයට ප‍්‍රවිෂ්ට වුණු කාළේ සිටම මේ තුළ යම් හැදෑරීමක් කළා. එහෙම හැදෑරීමක් කළේ මේ තුළ යම් ඉලක්කයකට යෑමට නෙමෙයි. අහම්ඹෙන් කොළඹට ඇවිල්ලා ජීවත් වෙනකොට මේ තුළ පැවැත්ම හා රැුඳීමට කළ යුතු දේ තියෙනවා. මේ කටයුත්තේ යෙදෙනකොට මම උත්සහ කළේ නෑ මේක වාණිජ චිත‍්‍රපටයක්ද, කලා චිත‍්‍රපටයක් යන්න පිළිබඳව. ලැබෙන හැම චරිතයක්ම හොඳින් කරන්න මම උත්සහ කළා. මම සෑම චරිතයකට ම එක ලෙස කැපකිරීම් කළා. රංගනය අවසන් වී තවත් වැඩකට දුවන පුරුද්දක් මං ළ`ග තිබුනේ නෑ. අපේ ප‍්‍රවීණයන් රංගනය කරන ආකාරය, රූපගතකරන ආකාරය, වේෂ නිරූපණය කරන ආකාරය තුළින් මම යම් හැඳෑරීමක් කළා. සත්තකින්ම මට ලැබෙන සෑම දර්ශන කණ්ඩයක්ම වැදගත්ම දර්ශන කණ්ඩය ලෙස සැලකිමකින් මම රංගනය සිදු කළා. ඒ නිසා මට සිනමා නිර්මාණයේ සෑම දර්ශන කණ්ඩයම වැදගත් වුණා.


විරාගය චිත‍්‍රපටයේ අරවින්දගේ චරිතය වෙනුවෙන් ඔබ කළ කැප කිරීම කතිකාවට ලක් වූණා නේද?

ඔව්, විරාගයේ අරවින්ද සිනමා නිර්මාණය තුළ වෙනස් පුද්ගලයෙක් බාහිරව ඔහු වෙනුවෙන් සිදු කරන කැප කිරිම කෙනෙකුට දකින්න පුලූවන්. ඊට එහා ගිය සමාජ ආර්ථික තත්ත්වයක් සම`ග අරවින්දගේ චරිතය වෙනස් ආකාරයෙන් දර්ශනය විමත් සම`ග ඒ චරිතයේ කැපකිරීම අනෙක් චරිත වලට වඩා පෙනෙන්න පටන් ගත්තා. මගේ පාලම යට, සක්මන් මළුව, සුදු කළුවර වැනි සිදු කළ සෑම නිර්මාණයකදීම මෙන්ම මෑතකදී සිදුකළ සංගිලි සිනමා නිර්මාණය ගත්තත් මගේ කැප කිරීම ඒ ආකාරයටම තියෙනවා.

තාවකාලික පැවිද්ද, ඔබ සිනමා නිර්මාණයක් වෙනුවෙන් කළ කැපකිරිමක්ද?

සාමාන්‍යයෙන් චිත‍්‍රපටයක භික්ෂුවකගේ චරිතයක් වෙනුවෙන් තාවකාලික පැවිද්ද සිදු වෙලා නෑ.  රංගනය කෙසේවෙතත් ඒ පැවිදි වීම, චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කිරීම, ඒ තුළින් ලද ශික්ෂණය, ඒ තුළ සිදු වූ ඉගෙනීම මේ සියල්ල ක‍්‍රමවත් භාවයකට සිදු වුණා. මම සතියක පමණ කාලයක් ඒ සඳහාම කැපවී කටයුතු කළා. ඒ නිසාම ඒ තුළින් මට ලොකු වෙනසක් දැනුනා. එහි කිසියම් ආකාරයක නිදහස් බවක්, සහනයක් තිබුණා. භික්ෂුවක් ලෙස මම මම රංගනය කළේ එක දවසයි. නමුත් ඒ අත්දැකීම මගේ පෞද්ගලික ජීවිතයට විශාල බලපෑමක් සිදු කළා.

රංගන ශිල්පියෙක් ලෙස හුරු පුරුදු ඔබ අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව භාරගත්තේ කොහොමද?

අධ්‍යක්ෂකවරයෙක් විය යුතුමයි කියලා මට හිතුනා නෙමෙයි. අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කළින් මම නිශ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක් වෙනවා. රංගන ශිල්පියෙක් ලෙස තමාගේ රංගනය හා  තවත් පිරිසක් යොදා ගනිමින් කිසියම් ආකාරයක කතාවක් පේ‍්‍රක්ෂකයා වෙත යොමු කිරීමේ ආසාවක් සාමාන්‍ය ලෞකික ආහාවන් ඇති මිනිසෙකුට සිතීම සාමාන්‍ය දෙයක්. ඉතිං ඒක තමයි මම කළේ. ඇත්තටම අධ්‍යක්ෂකවරයෙක් ලෙස තාමත් මම කරපු කාර්යයේ තියෙන බරපතලකම මොහොතකටවත් අඩු කොට සිතන්නේ නෑ.

සිනහව අතරින් චිත‍්‍රපටය සාම්ප‍්‍රධායික තරුණ ආදරය වෙනස් කළ අවස්ථාවක්. මේ කතා තේමාව සකස් වෙන්නේ කුමණ ආකාරයෙන්ද?


ඇත්තටම මේ සත්‍ය සිදුවීමක්. මෙය මට ලබා දෙන්නේ චමින්ද පෙරේරා. මෙය සත්‍ය සිදුවිමක් නිසා මෙහි වෙනස්කම් කිරීම කළ නොහැකියි. මෙහිදී සාමාන්‍ය කතාබහට ලක් වෙන අනියම් සම්බන්ධතා පිළිබඳ කතා වෙනවා. ඒ නිසාම මෙය වරදෙහි බැඳෙන කාන්තාවන් පිළිබඳ කතාකරන චිත‍්‍රපටයක් ලෙස ප‍්‍රකාශ කරනවා. ඇත්තෙන්ම ඒකට දිය හැකි පිළිතු ඔව්. නමුත් ගැහැණුන් වරදෙහි බැඳුණු මුල්ම හෝ අවසාන අවස්ථාව සිනහව අතරින් නෙවෙයි. ඒක සදාතනිකව ලෝකය තුළ සිදු වුණා වූ දෙයක්. මෙම සිනමා නිර්මාණය තුළ මෙම සම්බන්ධකම්, ගැටලූ ප‍්‍රශ්න ඇති වුණේ ඇයි, එයට බලපෑ හේතු මොනවාද?බුදු දහමේ ඇති අල්පේච්ච චීවිතය කොයි ආකාරයෙන්ද? අත්හැරීම සිදු වන්නේ කෙසේද? යනාදිය පිළිපඳ කතා කරනවා. ඒ වගේම කතාව අවසානයේ සියලූ දෙනාම සිදු කළාවූ වැරදි වලින් නිදහස් වන බවක් පේනවා. මෙහිදී සාමාන්‍යයෙන් කෙනෙක් කතා නොකරන, පේ‍්‍රක්ෂකයා යම් බුද්ධිමය සාකච්ඡුාවකට ගෙන යා හැකි බුද්ධිය මෙහෙයවා කතා කළ යුතු සිනමා නිර්මාණයක් ලෙස මම සිනහව අතරින් දකිනවා.

සිනමා ක්ෂේත‍්‍රය තුළ රංගන ශිල්පියෙක් ලෙස දීර්ඝ ඉතිහාසයක් ඇති ඔබ අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක් ලෙස සිනමාව තුළ තවමත් සකී‍්‍රයව රැදී සිටින්නෙක්. වර්තමාන සිනමා ක්ෂේත‍්‍රය ගැන මොකද හිතෙන්නේ?

සිනමා ක්ෂේත‍්‍රය සකස් විය යුතු ආකාරය කතා කිරීමට දැන් ප‍්‍රමාද වැඩියි. කිසියම් හාස්කමකින් හෝ සිනමා කර්මාන්තය යළි පිඹිදීමක් ඇති වුවහෝත් මම එක්වරට දහස් වාරයක් සතුටු වෙනවා. කිසිදුමප‍්‍රළියමක් නොමැති වීම නිසා දීර්ඝ කාලක් තිස්සේ ක‍්‍රමයෙන් සිදු වුණ හානිය අද පිරවිය නොහැකි ගැඹුරු වලක් බවට පත් වෙලා තියෙනවා. මෙය එකපාරටම පුරවන්න කොහොමත් අමාරුයි. ඒක එකපාරටම වෙන්නෙත් නෑ. නමුත් මේ සිනමා ක්ෂේත‍්‍රයේ සිටින අපි අතර මොන මත භේද තිබුණත් කුමන ආකාරයේ බලවේග වලට යොමු වෙලා සිටියත් අපි ශිල්පීන් ලෙස එකට කටයුතු කරලා සිනමා කර්මාන්තයක්, කලාවක් ලෙස වඩා වර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි. මේ සඳහා රජයෙන් සහයෝගයක්, නව තාක්ෂණය මේ සඳහා අවශ්‍ය අතරම විශාල බලවේගයක් මේ සඳහා අවශ්‍ය ම වෙනවා.

No comments:

Post a Comment