Saturday, June 27, 2015

ප‍්‍රවීණ සිනමාවේදී ටෝනි රණසිංහ සිය දිවියෙන් සමු ගනී.


 
රසික සමුහයාගේ සිත් සසල කරවමින් ප‍්‍රවීණ සිනමාවේදී ටෝනි රණසිංහ සිය දිවි මගේ හැත්තෑ හත් වෙනි ඉසව්ව පසු කරමින් සිටියදී ජීවිතයෙන් සමුගනී.

ධර්මසිරි වික‍්‍රමරත්න ගේ රන් තෝඩු වේදිකා නාට්‍යයෙන් රංගනයට එක්වූ ටෝනි රණසිංහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ”ගම්පෙරළිය” තුළින් සිනමාවට පිවිසුණේය. සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රය තම රංගනයෙන් ප‍්‍රභාවිත කළ ටෝනි රණසිංහ සරසවි, ජනාධිපති සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් අවස්ථා ගණනකදීම පිදුම් ලැබීය. ගඟ අද්දර, රන්සළු, කලියුගය, බද්දේගම, දෙලොවක් අතර, අහසින් පොළවට, හන්තානේ කතාව, දුහුල් මලක්, අවරගිර, පවුරු වළලූ, සප්ත කන්‍යා වැනි චිත‍්‍රපට රැුසක ඔහු දැක්වූ රංගන දායකත්වයට ඉමහත් පේ‍්‍රක්ෂක ප‍්‍රසාදයක් හිමි විය. තවද ටෝනි රණසිංහ මහතා රීදී තිරය, පුංචි තිරය මෙන්ම වේදිකාවට ද සිය දායකත්වය සැපයූ අපුර්ව කලාකරුවෙකි. ඔහු  හරිම බඩු හයක්,බෝඩිම්කාරයෝ, තට්ටු ගෙවල්, නිල් කටරොළු මල්, විරූප රූප යන වේදිකා නාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය. තවද විලියම් ශේක්ස්පියර් ගේ මැක්බත්, වැනිසියේ වෙළෙන්දා ,සහ ජුලියස් සීසර් ආදී නාට්‍ය පිටපත් රචනයෙන් ටෝනි රණසිංහ දායක විය.

සම්මානීය කලාකරුවෙකු වූ ටෝනී රණසිංහ මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු රසික සිත් සන්තානයේ ලැගුම් ගත් ප‍්‍රවීන රංගන ශිල්පියකු, සිනමා හා ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙස ටෝනි රණසිංහ මහතා කලා ක්ෂේත‍්‍රය තුළ දශක ගණනාවක් තිස්සේ කීර්තිමත් කලාකරුවකු ලෙස අමිල මෙහෙවරක් ඉටු කළේ ය.
අනූෂා රාජපක්ෂ

No comments:

Post a Comment