Monday, June 15, 2015

හදේ රැදි ගී පොත විවර කළ හරුන් ලන්ත‍්‍රා


ඇසෙන දේ නො ඇසී යන විට, දකින දේ නො දැක යන විට, දැනෙන්න  ට යමක් ඉතිරි වේවිද?



නො දුටුව මුණ නො ගැසුනු දහසක් අතර හමුවු දුටු අයෙක් වෙන්ව ගොස් ඇත. ඔහු ගීතයෙන් රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගායකයෙකි. 1931 සැප්තැම්බර් මස 23 උපත ලද හරූන් ලන්ත‍්‍රා මිය යන විට 83 වැනි වියේ පසු විය. හරුන් කුමාර් ලන්ත‍්‍රා ඔබ ඔහු හදුනනු ඇත. A ශ්‍රේණියේ ගායකයෙක් වන මොහු 500කට අධික ගී අතර බොහෝ දෙනා හදුනන ගී කිහිපයක් නම් හද මල් පැදුරේ, සාගරයේ සිහිලැල්, හංසරාණි ආදරේ, මාව හැර දමාලා, හදපානේ මල් පිපුණා, ආනන්ද මේ ?, වීනාවේ සත්සර නාදේ, මැව්වාද කව්ද පේ‍්‍රමේ, ජීවිතයේ යෞවන යාමේ, ආදී ගී තුළින් රසික සිත් සැනසු හරුන් ලන්ත‍්‍රා  ගේ සුළං කුරුල්ලෝ, මගේ නාමලී යන ගී වඩා ප‍්‍රසිද්ධ විය.


කලාව වෙනුවෙන් ජීවත් වූ ලන්ත‍්‍රා ප‍්‍රවීන සංගීත ශිල්පියෙකු මෙන්ම ගායකයෙකුද විය. කලකට පෙර ඔහු ගීත හා කලා හැකියාවන්ට අමතරව ඔහු සම්බන්ධයෙන් විවිධ පුවත් මැවෙන්නට විය. ඒ ඔහුගේ කලා දිවියේ අන් කිසිවක් නිසා නොව, ඒ මිනිස් වෙසින් අමනුෂ්‍යයින් පිරිසක් පැමිණ ඔහුගේ නිවසට ඇතුළු වි ඔහු දුක් මහන්සියෙන් ඉපයූ මුදල් සොරා ගැනිමයි. සියල්ල සිදු වී අවසන්ය. අතීතයට එකතු වූ දේ අතර අතීත සිදුවීම් මෙන්ම හරුන් ලන්ත‍්‍රාගේ මතකයත් ඇත. දේශීය සිනමාවේ ප‍්‍රථම දශකයේ දී සිනමා කලාවට පිවිසි සිනමා කලාවට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් දැනට ජීවතුන් අතර සිටින කලාකරුවන් 25 දෙනෙකුට 1997 ජාතික චිත‍්‍රපට සංස්ථාවෙන් පිරිනැමුණු ජනාධිපති පුරෝගාමී සම්මානයද, 1991 මුස්ලිම් සංස්කෘතික අමාත්‍යංශයේ සම්මානයටද පාත‍්‍ර වූ හරුන් ලන්ත‍්‍රා, 1993 ජාතික කතෝලික සිනමා පර්ෂද සම්මානය, සිංහල සිනමාවට දෙන ලද දායකත්වය උදෙසා සරසවි සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමි කර ගෙන ඇත.


අනිත්‍ය වූ ලෝකයේ නිත්‍ය වූ ස්වරයක්, සිත් රැදි තනුවක් තබා නෙත් පියා ගත් හරුන් ලන්ත‍්‍රා මහතානෙනි සුළං කුරුල්ලෝ ඉගිල ගිය ලොවක නුඹ නැතිව නුඹ මතකය ඉතිරී වී ඇත.

No comments:

Post a Comment