Friday, June 12, 2015

අසරණ සිත






රසවත් අනාගතයක් ගැන දෙනෙත්      හෙලා
මෙපමණ කලක් මා කළ යුතු හරිය       කලා
හොඳ ගති සැබෑ ගති ඇත ඇට නහර   වෙලා
පෙන්විය හැකිය එය හදවත දෙකට       පලා

දෛවය එළඹ අසරණ සිත           තැලීමට
වෙහෙසෙන හැටි පෙනේ දිව ? දෙකේ  මට
මල් පෙති සැඟ වුණත් දවසක දෙපා      යට
 අසරණ වෙලා ඇත මා මේ        සමාජෙට

මා අද තබන පියවර කොතනක             යාද
නැතිනම් එය කොතනින් කෙළවර       වේද
අසරණ පපුවකට සැනසුම ගෙන          දේද
කදු ගිරි සිකර පොඩි වී ඔළුවට                ඒද

 අනුෂා රාජපක්ෂ


No comments:

Post a Comment